පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව අනුව අවු. 5 ට අඩු දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය බවත්, ගර්භණී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ අගය බෙහෙවින් අඩුවී ඇති බවත් පාර්ලිමේන්තුවේදී හෙළිවිය.
මෙරට ආර්ථික ස්ථායීකරණයට අදාළව වෘත්තීය සමිති සහ වෘත්තීය සංගම්වල අදහස් හා යෝජනා හදුනා ගැනීමට මෙන්ම ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා ආර්ථික ස්ථායිකරණයට අදාළ අනු කමිටුවේදී මෙම කරුණු අණාවරණය විය.
ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවිකා මට්ටමෙන් ප්‍රමුඛතා හඳුනාගෙන මේ සම්බන්ධ විසඳුම් සෙවිය යුතු බව මෙහිදී සාකච්ඡා වූ අතර කමිටු සභාපති රණවක මහතා පෙන්වා දුන්නේ ප්‍රමුඛතා ලැයිස්තු සකස් කිරීම සඳහා විදුලිය බිල පදනම් කරගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන් කමිටුවේ පළමු වාර්තාවේ යෝජනා කර ඇති බවය.