තද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත් සඳහා මෙම නිවේදනය වලංගු වෙයි. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදය හෙට පෙරවරු 10 තෙක් වලංගු වෙයි.
මැන්ඩාවුස් සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
එසේම උතුරු, උතරු - මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 60-70 දක්වා තද සුළං බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

