මානස් ලබුෂේන් බ්‍රැඩ්මන්ට පමණක් දෙවැනි වෙයි
ටෙස්ට් පිටියේ වේගයෙන්ම ලකුණු තුන්දහසේ සීමාව ඉක්මවූ පිතිකරුවන් අතර සම දෙවැනි ස්ථානය හීමි කර ගැණීමට ඔස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු මානස් ලැබුෂේන් සමත්විය. ඒ දෙවැනි අඩුම ඉනිම් සංඛ්‍යාවකින් මෙම සීමාව ඉක්මවමිනි.
ඒ් සංචාරක බ.ඉ.කොදෙව් කණ්ඩායම සමගින් පැවත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදීය. මෙහිදී ලැබුෂේන් ලකුණු 163 ක් රැස් කළ අතර ඒ් සමගින් ඔහු ටෙස්ට් පිටියේ ලකුණු තුන්දහසේ සීමාව පසුකිරීමට සමත්වූයේ ඉනිම් 51 ක් පමණක් වැය කරමිනි. මෙහිදී ඔහු ශතක 10ක්, අර්ධ ශතක 13 ක් හා ද්විත්ව ශතක 2 ක් එහිදී වාර්තා කර ඇත.
මෙහි පෙරමුනේ පසුවන්නේ ඉනිම් 33 ක් පමණක් වැයකරමින් මෙම සීමාව ඉක්මවා ගිය ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පමණි. මෙහි ලබුෂේන් සමගින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඒවර්ටන් වීක්ස්ය. ඔහුද ඉනිම් 51 කදී ලකුණු තුන්දහසේ සීමාව පසුකිරිමට සමත්වි ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
