වැට් බදු පනතත් සම්මතයි
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 82ක් ලැබුණ අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52කි.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහාද විරුද්ධ පාර්ශවය විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් හිමි විය.
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතද දෙවනවර කියවීම සඳහා විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 41ලැබිණි.
popular news
-
LGPJ Saturday, 10 December 2022 12:09 AM
Taxes on taxes over general public in Sri Lanka. !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

