දේශීය ආදායම් (සංශෝධන) බදු පනත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. අද පස්වරුවේ මේ වෙනුවෙන් පැවති තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණි.
විපක්ෂව ඡන්ද 36ක් ලැබුණි. ඒ අනුව පනත වැඩි ඡන්ද 43කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ලබන වසරේ ජනවාරි 01 දා සිට මෙම පනත ක්රියාත්මක වෙයි.