පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් සමග උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය එළ ගවයින් , මී ගවයින් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි.
මෙම සත්ව මරණ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.
ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති සත්ව මරණ පහත පරිදි වේ.
*- යාපනය දිස්ත්‍රික්කයේ ගවයින් 49, අසාධ්‍ය තත්ත්වයේ 17යි, එළුවන් මරණ 58යි, අසාධ්‍ය තත්ත්වයේ 50යි.
*- කිලිනොච්චි දිස්ත්‍රික්කයේ එළ ගවයින් මරණ 168, අසාධ්‍ය තත්ත්වයේ 159, එළු මරණ 06, අසාධ්‍ය තත්ත්වයේ සිටින එළුවන් ප්‍රමාණය03යි.
*- මුලතිව් දිස්ත්‍රික්කයේ එළගව මරණ 120, අසාධය තත්ත්වයෙන් පසුවන ගවයින් ප්‍රමාණය 159යි, එළු මරණ ප්‍රමාණය 42යි,
*- වව්නියාව දිස්ත්‍රික්කයේ ගව මරණ 21යි, අසාධ්‍ය තත්ත්වයේ 17යි, එළු මරණ ප්‍රමාණය 85යි.
ඒ අනුව උතුරු පළාතේ මියගිය සමස්ත එළගවයින් ප්‍රමාණය 358ක් වන අතර 352ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති. එමෙන්ම එම පළාතේ මිය ගිය එළුවන් ප්‍රමාණය 191ක් වන අතර 53ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති.
නැගෙනහිර පළාතෙන් වාර්තා වන එළගවයින් හා මී ගවයින් ප්‍රමාණය 478ක් වන අතර එම පළාතෙන් වාර්තා වන අසාධ්‍ය තත්ත්වයේ පසුවන ගවයින් ප්‍රමාණය 352කි. එමෙන්ම එළුවන්ගේ මරණ 65කි.
ඉන්දියාවට බලපෑ සුළි කුණාටුවත් සමග නැගෙනහිර හා උතුරු වෙරළ තීරය ආශ්‍රිතව ඇති වු තද ශීතල කාලගුණික තත්ත්වය දරා ගැනීමට නොහැකිව මෙම සතුන් මිය යන්නට ඇතැයි විශ්වාස කරන නමුත් මෙම සතුන් වෙනත් වසංගත තත්ත්වයක් නිසා මිය ගියාද? යන්න තහවුරු කර ගැනීම සඳහා මරණයට පත් සියලු සතුන්ගේ සාම්පල මේ වනවිට පශු සම්පත් අංශය විසින් ලබා ගෙන පරීක්ෂණ සඳහා රසායනාගාර වෙත යවා ඇත.
කෙසේ වුවද මෙම සතුන්ගේ මස් පරිභෝජනය, ප්රවාහණය සහ අලෙවිය සඳහා යොදා නොගන්නා ලෙසට මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහන් ඒ ඒ පළාත් පශු අධ්යක්ෂවරුන් මගින් ආරම්භ කර තිබේ.
සීත කාලගුණික තත්ත්වය පහව යාමත් සමග අසාධ්‍ය තත්ත්වයේ සිටි සතුන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බවක් ද මේ වනවිට හඳුනාගෙන ඇත. කෙසේ වුවද මෙම සතුන්ගේ මස් පරිභෝජනයට හෝ ප්‍රවාහණයට හා අලෙවියට ඉඩ නොතබන ලෙස දන්වමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා අදාල සියලු අංශවලට උපදෙස් දී තිබේ.