විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිල මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට එවනු ලබන විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය තවදුරටත් ඉහළ ගොස් තිබේ. මේ අනුව ඔක්තෝබර් මාසයට සාපෙක්ෂව නොවැම්බර් මාසයේදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 29කින් ඉහළ ගොස් තිබේ.
ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම අගය 2021 නොවැම්බර් මාසය හා සැසදීදෙී සියයට 42ක වර්ධනයකි. 2021 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ලැබී තිබුණ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 271.4ක් විය.