දිවයිනේ විවිධ ප්‍ර දේශවල ඊයේ සිදුවූ රිය අනතුරු හයකින් පුද්ගලයන් 6ක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි. මෙසේ මිය ගිය අය අතර අවුරුදු 11ක මාර්ගයේ ගමන් කළ දරුවෙකුද වෙයි.
කුලියාපිටියේදී මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව සිදුවූ අනතුරකින් මර්ගයේ ගමන් කළ අවුරුදු 11ක දරුවෙකු මෙසේ මිය ගොස් ඇති අතර මාර්ගයේ නවතා තිබූ ත්‍රි රෝද රථයක සිටි තවත් දරුවෙකුද මෙම අනතුර හේතුවෙන් තුවාල ලබා තිබේ.
මීට අමරතව නුවරඑළිය රිය අනතුරුකින් පදිකයෙක්, වැල්ලවායේදී යතුරු පැදි අනතුරකින් යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙක්, තිරුක්කෝවිල්හිදී යතුරු පැදි අනතුරකින් යතුරුපැදිකරුවෙක්, කුඩා ඔයදී වෑන් රථයක ගැටීමෙන් පදිකයෙක්, රත්නපුරදී යතුරු පැදි අනතුරකින් යතුරුපැදි කරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.