දොස්තරලාට විතරක් හැට පනින්න දෙන එක අසාධාරණයි
විශ්‍රාම වයස එක කණ්ඩායමකට විතරක් වෙනස් කරන එක අසාධාරණයක් බවත් විශේෂඥ වෛද්‍ය නමින් පෙනී ඉන්න වෛද්‍ය පරිපාළකයින්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සෞඛ්‍ය සේවාවේ ප්‍රගමණයට බාධාවක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.
මානව සම්පත් කළමණාකරණය සහ කාර්යක්ෂමතාවය පිළිබද දියුණු තීරණ ගැනීමේ නොහැකියාව නිසා යලි යලිත් ආර්ථික අර්බුධය තුල හිර වෙන බවත් ආණ්ඩුව දක්ෂනම්, වසරකට කරන වියදමින් වසර තුනක් සෞඛ්‍ය සේවාව නඩත්තු කිරීමට හැකි බවත් ඔහු පවසයි.
"හොද පාලන ක්‍රමයකින් දැනට ඉන්න කාර්යමණ්ඩලයෙන් තුන් ගුණයක වැඩ කර ගන්නත් පුළුවන්. අපි ඉල්ලනේ ඒ ක්‍රම වෙනස. එහෙම අධ්‍යනයක්, අවබෝධයක්, තියන පාළණයක චායාවක්වත් නැහැ. දොස්තරලාට විතරක් හැට පනින්න දෙන එක අසාධාරණයි. සියළු සෞඛ්‍ය වෘත්තිකයින්ට ඕනෑ.
විශ්‍රාම වයස දිගු කරගනිමින් විශාල කාලයක් සේවය යෙදීමට අවසර ලබා දිම සුපිරි වරප්‍රසාදයක් මිස සේවා අවශ්‍යතාවයක් නොවෙයි. වෛද්‍ය නිලධාරීන් නොවන අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයින් රජයේ තීරණයට හිස නමමින් කටයුතු කරන ලද්දේ රටේ පවතින ආර්ථික අර්බුධය වෙණුවෙන් සිදු කරනු ලබන කැපකිරීමක් වශයෙන් පමණයි.
නමුත් සෞඛ්‍ය සේවයේ එක් වෘත්තීයකට පමණක් වෙනස්කොට සැලකීම අසාධාරණයක්. ඊට සාධාරණය ඉල්ලා අභියාචනාධිකරණයට යාමට අපිට සූදානම්"
popular news
-
Dayan Friday, 16 December 2022 06:38 AM
Yes. It's true. What is the speciality in extending services of doctors only. when they retire next doctor will take the position like any other service.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

