ලබන වසරේ මාර්තු හා අප්‍රේල් කලුවර වෙයි
ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තොග නිසි පරිදි ලබා ගැනීමට නොහැකිවුවහොත් ලබන වසරේ මාර්තු අප්‍රේල් වන විට විශාල විදුලි කප්පාදුවනක් සිදු වෙනු ඇති බව ලංවිම විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවැසීය.
“ඊයේ වන විට අපිට ජලාශ වල තිබුණ ජල විදුලි තත්ත්වය සියයට 75ක් විතර වෙනවා. ඒ් අනුව එයින් නිපදවිය හැකි ජල විදුලිය ගොගාවොට් පැය 896ක් පමණ වෙනවා. ඒ් හැකියාව එන්න එන්නම අඩුවෙනවා. වෙනත් වසරවලට වඩා මේ වසරේදී වර්ෂාපතනය අඩුවීමක් වුණා.
එවන් තත්ත්වයකදී විදුලිය සැපයීම ගැන අර්බුදයක් එනවා. කොහොම වුණත් මේ වගේ තත්ත්වයන් හැම වසරකදීම ඇති වෙනවා.
ජනවාරි, පෙබරවාරි හා මාර්තු වගේ මාස වල අපිට තාප බලාගාර ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ්ක සාමාන්‍ය තත්ත්වයයි.
නමුත් මෙවර අසාමාන්‍ය තත්ත්වයක ඇතිවෙනවා මොකද ලක්විජය බලාගාරයට අවශ්‍ය මේ වන විට ගෙනල්ලා ගොඩගහන්න ඔ්න ප්‍රමාණය කොහෙත්ම ගෙනත් නෑ. ගොඩ බාමින් තිබෙන්නේ පස්වැනි නැව. නැව් 38ක් එන්න ඔ්න තැන ඉතිරිවෙලා තියෙන කාලය තුළ අපිට ගොඩ බාන්න පුළුවන් මෙට්‍රික් ටොන් 60000 නැව් 24යි.
මීට වඩා වැඩිවිමක් වෙන්නේ නෑ. අඩුවීමක් තමයි වෙන්න තියෙන්නේ. අපිට අවශ්‍ය තරම් ගල් අඟුරු නැතිවෙන්න පුළුවන්. එතකොට කලුවර ජූලිය කලුවර මාර්තු අප්‍රේල් වගේ වෙන්නත් පුළුවන්.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

