මහ පාරේ කැළි කසළ පටවමින් තිබූ අම්බලන්ගොඩ නගර සභාවේ කුණු ටැක්ටරය මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් හප්පා නගර සභා සේවකයින්ට එම පිරිස එල්ල කරන ලද මැර පහාරයට විරෝධය පා අද (16දා) අම්බලන්ගොඩ නගර සභාවේ පවිත්රතා අංශයේ සේවකයින් ඇතුළු අංශ කිහිපයක් රාජකාරිවලින් බැහැරව නගර සභාව ඉදිරිපිට සිට දැවැන්ත උද්ඝෝෂණයක නිරතවී සිටියහ.
මේ නිසා අද (16)අම්බලන්ගොඩ නගරයේ මහ පාරේ කැළි කසළ බැහැර කිරීම මුළුමනින්ම ඇණ හිට තිබිණ.එම නගර සභාවේ ආදාහනාගාරයේ සේවකයින්ද මේ වැඩවැරුමට එක්ව සිටීම නිසා දේහයන් ආදාහනා කටයුතු ද ඇණහිට තිබිණ. පසුව ඔවුන් ගාලු පාර අවහිර කරමින්ද විරෝධතාවයේ නිරත වූහ.
අම්බලන්ගොඩ නගර සභා කීඩාංගණයේ සේවකයින්ද මේ වැඩවැරුමට එක්ව සිටීම නිසා අද(16)නගර සභා කීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පාසල් දෙකක් අතර කිකට් තරගයද පෙරවරු කාලයේදී නොපැවැත්විණ.
පදේශයේ කෝටිපති වයාපාරිකයෙකුට අයත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් අම්බලන්ගොඩ මානිමුල්ල පදේශයේ කැළි කසළ පටවමින් තිබු සිය කුණු ටැක්ටරයේ හප්පා තමන්ට හා සිය සභාවේ ලේකම්වරිය හා වැඩපරීක්ෂකවරයාට පරුෂ වචන් කියමින් බැන තර්ජනය කළ බව වැඩ වැරුමට එක්වූ අම්බලන්ගොඩ නගර සභාවේ සේවකයෝ පැවසූහ.
මේ සිද්ධිය මුදලට හා බලයට යටත්ව පොලීසිය යට ගැසීමට සූදානම්වන බව ද ඔවුහු පැවසූහ.මෙය ඉතා පහත් නින්දිත කියාවක් බව ද සේවකයෝ කියති.
මේ සේවකයින්ගේ උද්ඝෝෂණයට නාගරික මන්තී ජීවන් කස්තුරිආරච්චි රත්ගම පාදේශීය සභා මන්තී රුවන් ප්රීති කුමාර යන මහත්වරුන් ද එක්වී සිටියහ.
මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියෙන් කළ විමසීමකදී එහි පකාශකයෙකු කීවේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් කුණු ටැක්ටරයේ හප්පා එයට අලාභහානි සිදු කළා යයි කියන මෝටර් රථය හා එහි රියදුරා පලා ගොස් සිටියදී සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවය.