එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14දා) සිය සහතිකය සටහන් කළේය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 09දා වැඩි ඡන්දයෙන් සම්මත විය.
එහිදී පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 82ක් ලැබුණු අතර ඡන්ද 41ක් විරුද්ධව ලැබුණි.
මේ අනුව, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත 2022 අංක 44 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස 2022 දෙසැම්බර් 14වන දින සිට බලාත්මක වේ.
