විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වන තුරු ප්‍රතිව්‍යුහගත ලේකම් කාර්යාලයක්
විදුලිබල ක්ෂේත්රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී පසුගියදා සාකච්ඡාවට ගැණිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ යන මහත්වරු ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන පවිත්‍රා දේවි වන්නිආරච්චි, අසංග නවරත්න සහ සාගර කාරියවසම් යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
විදුලිබල ක්ෂේත්රයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව නිලධාරීන් විසින් මෙහිදී කමිටුවට කරුණු දැක්වීය. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය සහතික කිරීම සහ නියාමනය සඳහා ස්වාධීන ආයතන පහක් පිහිටුවීමට මෙහිදී යෝජනා කර ඇති බවද කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ සාමාජිකයෙක් විසින් කමිටුවට දැනුම් දෙන ලදී. විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය සදහා කිසිදු යෝජනාවක් මෙම කමිටු වාර්තාවේ නොමැති බවත් ඒ මහතා පැවසීය.
ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදුලි උත්පාදනය ඇතුළු කාර්යයන් සදහා සම්බන්ධවන පාර්ශ්ව අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සරල කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද අනුකමිටු සභාපති නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
විදුලිබල ක්ෂේත්රයේ පමණක් නොව අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා පාර්ලිමේන්තුව හරහා අදාළ නීති සම්පාදන කටයුතු සම්බන්ධයෙන් ජාතික සභාවට යෝජනා කරන බවත් අනුකමිටු සභාපතිවරයා සඳහන් කළේය.
විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ලේකම් කාර්යාලයක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙහිදී අවධාරණය කළේය.
popular news
-
LGPJ Thursday, 15 December 2022 04:41 PM
An underwear for Belli going !!!
Reply : 0 0
Deepal Nirosh Friday, 16 December 2022 07:34 AM
එතකොට දැන් ඔය නව කාර්යාලය හා කාර්ය මණ්ඩලය නඩත්තුවට විදුලි බිලට එකතුවන බදු ප්‍රතිශතය කීය ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

