බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක තත්ත්වය උසස් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
"බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මහියංගනය ප්‍රාදේශීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම ගිරාදුරුකෝට්ටේ වකුගඩු රෝහලේ වියදම් සඳහා මුදල් වෙන් කිරීමට අපි කටයුතු කරනවා.
දියතලාව මූලික රෝහල නිසා බණ්ඩාරවෙල රෝහලේ සංවර්ධන කටයුතුවල ගැටළුවක් මතුව තිබෙනවා නම් ඒ පිළිබඳ සොයා බැලීමට පියවර ගන්නවා. බණ්ඩාරවෙල දිසා රෝහල මුලික රෝහලක් බවට පත් කිරීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයට පවරන අතර එහිදී මේ කටයුතු සොයා බැලිය යුතුයි.
බදුල්ල පළාත් මහ රෝහල සංවර්ධනය කිරීමට අදාළ ඉඩම් සියල්ල මේ වන විට නිදහස් කර තිබෙනවා. එහි ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන ලෙස මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා.
අපේ රට බංකොළොත් බව ප්‍රකාශ කිරීම නිසා දැනට විදේශ ආධාර ලැබීම නැවතී තිබෙනවා. ඒ නිසා බදුල්ල පළාත් මහ රෝහලට අවශ්‍ය උපකරණ සඳහා මුදල් ලබාදීමේ දී යම් ප්‍රමාදයක් සිදු විය හැකියි.
සංචාරකයන් සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයක් එම රෝහලේ ස්ථාපිත කිරීමට ඉදිරියේදී අපි කටයුතු කරනවා. එමගින් විදේශ විනිමය උපයා ගැනීමට හැකියාවක් තිබෙනවා ."
