දළදා වහන්සේට අපහාස කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන සේපාල අමරසිංහ නැමැත්තා ඒළැඹෙන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (06) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව සැකකරු භාවිත කළ පරිගණකය අත්අඩංගුවට ගනු ලැබූ බවත් එය පරිගණක වෝහාරික විද්‍යාගාරයේ තබා පරීක්ෂණ කටයුතු කරමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.