saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5041 hours ago

LATEST

හෙට සිට නිරිත දිග මෝසම සක්‍රීයයි

calendar_today 2022 ජුලි 31 - 22:30 remove_red_eye - 934  

නිරිත දිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමක් හෙට (01දා) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මියන්මාරයේ හදිසි නීතිය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට මියන්මාරයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලය ඉරිදා තීරණය කළේය.

Read More

මුහුණු ආවරණ නොමැතිව ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන පුද්ගලයින්ට හෙට සිට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ (PDA) සම ලේකම් කපිල නාඔටුන්න මහතා පවසයි.

Read More

කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා චීනය විසින් ඉදිකරන ලද නයිරෝබි අධිවේගී මාර්ගය නිල වශයෙන් ආරම්භ විවෘත කර තිබේ.

Read More

හෙට සිට දිවයින පුරා ඇති සියලුම ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කරන්නේ QR ඛේතය හරහා පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

මේ තත්ත්වය තුළ මිලියන සංඛ්‍යාත ජනතාවක් රෝගයේ වඩාත් භයානක අනුවාදයකින් අනාරක්ෂිත විය හැකි අතර වෛරසය මිනිසුන්ට අඛණ්ඩව කාන්දු වීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවයි.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම හෙට (01දා) සිදුකිරීමට නියමිතය. සෑම මසකම පළමුවැනිදා හා 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරිමට රජය තීරණයක් ගෙන තිබේ.

Read More

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) ගුවන් හමුදාව පැවසුවේ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා දූපත් මුර සංචාර පවත්වා ඇති බවයි.

Read More

කුරුණෑගල කිනගස්පිටිය ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ආහාර නිෂ්පාදන ආයතනයක ආනයනික සහල් භාවිතා කිරීම සම්බන්ධව වැටලීමක් සිදු කර ඇති අතර එහිදී කිලෝ ග්‍රෑම් 25/50 KG අසුරණ මළු වල සහල් මෙට්‍රික් ටොන් 3057 ක තොගයක් නිළධාරීන් භාරයට ගෙන ඇත.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගැනීම වෙනුවෙන් අවශ්‍ය මාර්ග විවෘත කරමින් චීනය ප්‍රමුඛ සැම්බියාවට ණය ලබාදී ඇති පාර්ශ්ව සැම්බියාවට අවශ්‍ය ණය සහන ලබාදීමට එකඟ වී තිබේ.

Read More

ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමට අනුව පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවේ වාර්තාව අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාර දුන්නේය.

Read More

ජනාධිපතිතුමා එවලා තිබුණ ලිපියේ සර්ව පාක්ෂින ආණ්ඩුවකට ආරාධනාවක් කරලා නෑ. ඒ ලිපියේ කියලා තියෙන්නෙ 19 වැනි සංශෝධනය පදනම් කර ගත්ත ව්‍යවස්ථා සංශෝධනයකටත්, පාර්ලිමෙන්තුවේ ඉදිරියේදී බිහි කරන්න යන අධීක්ෂණ කාරක සභා පිළිබඳවත් අපේ අදහස විමසලා තමයි එවලා තියෙන්නේ.

Read More

රත්ගමදී අද (31දා) සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. රත්ගම නිවසකට පැමිණ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

Read More

නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම, ගබඩා කිරීම හා අලෙවි කිරිමට එරෙහිව පොලීසිය සිදුකරන වැටලීම්වලට අදාළව ඊයේ පෙරවරු 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා පෙට්‍රල් ලීටර් 1180 ක් හා ඩීසල් ලීටර් 1441ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ඉන්ධන පිරවුම්හල් අසළ කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයන් 8ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. දිවයිනේ විවිධ ඉන්ධනපිරවුම්හල් අසළ ඔවුන් මෙසේ කළහකාරී ලෙස හැසිරී තිබේ. මේ අතරින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙක් සන්තකයේ තිබී මිලි ග්‍රෑම් 90ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Read More

විරෝධතාකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව නැවතත් රජයට භාරදුන් ජනපති මන්දිරය හා අරලිය ගහ මන්දිරයය ඉතාමත් ඉක්මනින් පැවැති තත්ත්වයට ගෙන එන බවත් ජනපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය මේ වන විට වැඩ කරන ස්ථාන බවට පත්ව ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

වාහනයේ චැසි අංකය අනුව ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූ අය වෙනුවෙන් වාහන ආදායම් බලපත්‍රය යොදාගෙන ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචිවීමේ අවස්ථාව මේ වන විට ලැබී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙරළ බඩ විවේකානන්ද කන්ද පාර ප්‍රදේශයේදී ඊයේ (30දා) රාත්‍රි සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

පෙට්‍රල් ලබා දෙන ඉදිරි දිනයක් දැන ගැනීම සඳහා පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට යතුරු පැදියකින් පැමිණි මවක් සහ දියණියක්, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ටිපර් රථයක ගැටීම හේතුවෙන් ඊයේ (30දා) සිදුවූ අනතුරකින්, එම දියණිය ජීවිතක්ෂයට පත්ව ඇගේ මව බරපතළ තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කරන ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත් කිරිමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කුරුඳුවත්ත, ඇලැක්සැන්ඩ්‍රා ප්‍ර දේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකින් මැණික් ගල් අඩංගු සේප්පුවක් සොරකම් කිරීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.

Read More

වසර 20කට පසුව වෙළඳ භාණ්ඩ විදේශ වෙළඳාමෙන් අතිරික්තයක් නිර්මාණය වී තිබේ. 2021 වසරේ ජුනි මාසයේදි ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1248ක් බවට පත්ව ඇති අතර වෙළඳ භාණ්ඩ ආනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1226ක් බවට පත්ව තිබේ. මේ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 21ක වෙළඳ අතිරික්තයක් නිර්මාණය වී තිබේ

Read More

එළැඹෙන 01 දා සිට විදේශීය තැපැල් ගාස්තු වැඩිකර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවැසිය. ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු හා ලංගම හා දුම්රිය ගාස්තු ඉහළයාම සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.

Read More

මේ උදා වී තිබෙන්නේ අන්තිම අවස්ථාව. අපි සියලුදෙනා එකතු වෙලා මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕන. අඩු ගානේ පොදු අවම වැඩසටහනක් ඇති කරගන්න ඕන. ඒ වැඩකටයුතු කිරීම තමයි අපිට තියෙන මූලික කාර්යය. ඒක කරන ගමන් අපේ බුදු දහම ආරක්ෂා කරන වැඩකටයුතුත් අපි අමතක කරන්නේ නෑ.

Read More

දැඩි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති දුනු හිස තල්මසෙකු දැලක පැටලී සිටින අතර, ඉක්මනින් උදව් නොකළහොත් ජීවිතයට තර්ජනයක් වන තුවාල සිදුවිය හැකි බව කියයි.

Read More

අඛණ්ඩව දින තුනක් තිස්සේ 100 ඉක්මවා වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද දිනයේදී 83ක් දක්වා පහත බැස තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 665626ක් දක්වා ඉහළ ගියේය.

Read More

චීනයේ මහජන විමුක්ති හමුදාව (PLA) ප්‍රධාන භූමිය සහ තායිවානය අතර සමුද්‍ර සන්ධිය හරහා ෆුජියන් පළාතේ වෙරළට ඔබ්බෙන් හමුදා අභ්‍යාස දියත් කර ඇත.

Read More

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනාදීමට බබර ඉසිලීමේ ක්‍රීඩක ඉසුරු කුමාර සමත්විය. බර්මින්හැම්හි පැවැත්වෙන තරගාවලියේ පිරිමි කිලෝග්‍රෑම් 55 කාණ්ඩයෙන් ඔහු ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.

Read More

මෙම නව සීමාව සෙනසුරාදා දහවල් සිට ක්‍රියාත්මක වන බව හංගේරියානු අගමැති කාර්යාලය නිවේදනය කර තිබුණි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම කල් යන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ වෙනත් තැනකින් මුදල් ලබාගත් පමණින් මෙම අර්බුද නොවිදෙන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මහනුවරදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.