අවුරුදු 10ක් වයසැති පිරිමි දරුවෙක්ව හා අවුරුදු 54ක පුද්ගලයෙක් පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ පිළිබඳව විමර්ශන කිරීමේදි මීගමුව පදිංචි පුද්ගලයෙක් ග්‍රෑන්ඩ්පාස් වෙත පැමිණ එක්තරා කාන්තාවකගෙන් යම්කිසි විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් රැගෙන මීගම්රව ප්‍ර දේශයට ගොස් තිබේ.
විෂ මත්ද්‍රව්‍ය තොගය වෙනුවෙන් ගෙවිය යුතු මුදලින් කොටසක් පමණක් ගෙවා ඇති අතර ඉතිරි කොටස ලබා නොදීම හේතුවෙන් මත්ද්‍රව්‍ය අලෙවි කළ කාන්තාව ත්‍රි රෝද රථයකින් මීගමුව ප්‍රදේශයට ගොස් ඇති අතර මත්ද්‍රව්‍ය ලබාගත් පුද්ගලයා හමු නොවීම හේතුවෙන් එම පුද්ගලයාගේ පියත්, ඔහුගේ සහෝදරියකගේ දරුවෙකුත් මෙම කාන්තාව විසින් පැහැරගෙන ග්‍රෑන්ඩ්පාස් වෙත පැමිණ තිබේ.
පසුව මෙම දරුවා නිවසේ තබාගෙන පියා පිටත්කර ඇති අතර තම ඉතිරි මුදල්ද රැගෙන දරුවා ගෙන යාමට පැමිණෙන ලෙස එහිදී මෙම කාන්තාව නිදහස් කළ පුද්ගලයාට පවසා තිබේ.
මේ පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරක් අනුව දරුවා බේරාගෙන ග්‍රෑන්ඩ්පාස් වෙත ගෙන ඇති අතර කාන්තාවද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.