සුදු සීනි ලෙස රේගුවට වාර්තා කර දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 1200ක් ව්‍යාජ ලෙස ආනයනකරුවෙක් විසින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සුදුසීනි ගෙන්වන කන්ටේනර් තුළ මැද ඉතා සුක්ෂම ලෙස මෙම දුඹුරු සීනි තොගය ගෙන්වා ඇති බව අමාත්‍යවරයා පැවැසීය.
ශ්‍රී ලංකාවේ දුඹුරු සීනි නිෂ්පාදනය කරන බැවින් ලංකාවට දුඹුරු සීනි ගෙන්විම තහනම් වෙයි.
දුඹුරු සීනි මිලට වඩා දුඹුරු සීනි මිල වැඩි හෙයින් ආනයන කරු විශාල ලාභයක් උපයා ඇති බව අමාත්‍යවරයා පැවැසීය.