ජනපති නැති බලයක් අරගෙන
පළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විවිධ මතවල සිටින බැවින් නීතිපතිගේ උපදෙස් විමසිය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති බවත් ජනාධිපතිවරයාට එවැනි බලතලයක් තිබෙන බව හෝ මැවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම කැඳවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බැලීමේදී පෙනී යන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර යම් බෙදුණු මතයක් ඇත්නම් ත හැකි ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (අ ) වගන්තියේ දැක්වෙන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘’ කොමිෂන් සභාවේ තීරණ ඒ ඒ රැස්වීමට පැමිණ ඡන්දය දෙන්නාවූ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ගනු ලැබිය යුතු අතර යම් විටක සමසමව ඡන්දය ලැබුන හොත් ඒ රැස්වීමේ සභාපතිවරයාට තීරක ඡන්දයක් හිමි වේ ‘’
ව්‍යවස්ථාව පැහැදිලි බවත් එයට බලපෑම් කිරීමට ජනාධිපතිවරයාට අයිතියක් නැති බවත් පෙන්වා දෙන එම සංවිධානය තවදුරටත් පවසන්නේ ජනපතිවරයා දේශපාලන පක්ෂයක නායකයෙකු බැවින් එය ළබැඳියාව අතර ගැටුමක් වන බැවිනි.
popular news
-
LGPJ Friday, 06 January 2023 04:42 PM
Started end of the journey. !!!
Reply : 0 0
LGPJ Sunday, 08 January 2023 02:01 AM
Started the end of journey. !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

