අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරිම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. කොළඹ යූනියන් පෙදෙසේදි මෙම ජල හා කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කළේය.
යාපනය වඩමාරච්චි නැගෙනහිර කට්ටෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි කතොලික දේවස්ථානයක දේව මාතාවට පළඳවා තිබූරන් ආභරණ ඊයේ (17දා) කිසියම් පිරිසක් විසින් සොරකම් කොට ඇතැයි මරඳන්කේනි පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද, එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18දා) පෙත්සම් 9ක් ගොනු කර තිබේ.
Read Moreහෝමාගම ප්‍රදේශයේ ගැවසෙන මුව රංචුවෙන් කීපදෙනෙකු ඉකුත් දින දෙකක පමණ කාලයක් තුළදී හිටිහැටියේ මියයාමෙන් අනතුරුව මුවන් දෙදෙනකුගේ හිස් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර සිදු කරන ලද පරීක්ෂණවලදී එම සතුන් දෙදෙනාටම ජලභීතිකා රෝගය වැළඳී මියගොස් ඇති බවට අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ,මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එල් ඩි කිත්සිරි මහතා පැවසීය.
Read Moreවී ගොවීන්ට මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර මිල දී ගැනීම වෙනුවෙන් රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreත්‍රිරෝද රථ ගාස්තුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 120 ක් දක්වා වැඩි කර තිබේ. ඒ අනුව, දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 100 ක් අය කෙරේ.
Read Moreයල කන්නයේ වී අස්වනු නෙලීම දැනට දිස්ත්‍රික්ක කිහිපයක අවසන්ව ඇති අතර ,වි අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබෙන බවට ගොවි ජනතාව විසින් නඟන චෝදනා සම්බන්ධව අවධානය යොමු කරමින් අවම මිලක් යටතේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කළේය.
Read Moreමහනුවර අම්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති විවාහ උත්සව කිහිපයක් සඳහා සහභාගි වු බව කියන හයසීයක් පමණ වූ පිරිසක් හදිසියේ රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගඟවටකෝරලේ ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශ පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
Read Moreනෞකා වලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයින් සඳහා කොළඹ වරායේ නවීන පහසුකම් සහිතව මගී පර්යන්ත පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසී ය.
Read Moreගෙන්වන ලද බොරතෙල් නැවෙහි තෙල් ගොඩ බෑම මේ වන විට සිදුවන බවත් මෙය ගොඩබා පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපය තුළ මේ රටේ ධිවර ප්‍රජාවට අවශ්‍ය භූමිතෙල් ඇතුළු ඉන්ධන සියල්ල ලබා දීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද (18දා) යාපනයේ සිට මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය.
Read Moreකොළඹ කොටස් වෙළඳපොල ඊයේ (17දා) පහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ ඒකක 178.89 කින් පහළ ගිය සියලු කොටස් මිල දර්ශකය 8,907.89 ක් ලෙස සටහන් වුණා.
Read Moreමීගහතැන්න පොලිස් වසමේ පැලවත්ත නෙළුව ප්‍රධාන මාර්ගයේ 2 කණුව ප්‍රදේශයේදී ඊයේ (17දා) සිදුවූ රිය අනතුරකින් 74 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව මීගහතැන්න පොලිසිය පවසයි.
Read Moreජාතික සත්ත්වයා ලෙස නම්කර ඇති දඬු ලේනා එයින් ඉවත් කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කළ බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreහැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට සහයෝගය දැක්විම පිණිස පැමිණිලි පාර්ශවයෙන් රු 20000 අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකුව අල්ලස් සහ දුෂණ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් ඊයේ (17දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ එකමුතුව විසින් සකස් කරන නව දේශපාලන සන්ධානය එළැඹෙන 4 දා කොළඹදී එළි දැක්වීමට නියමිතය. මෙහි නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නම්කර තිබේ.
Read Moreහලාවත සිට කල්පිටියට නීතිවිරෝධී ලෙස,අධි ශීතාගාර ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ පෙට්‍රල් ලීටර් 1429 ක්,නොරොච්චෝල පොලිසිය හා නාවුක හමුදාව විසින් දලුව ප්‍රදේශයේ දී අද (18දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑංලන්තයේ ද ඉකොනොමිස්ට් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි සමාගම් රාජ්‍ය ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත් ඔහු පැවැසිය. ’’අපි දැන් බලන්නේ සමහර රාජ්‍ය වත්කම් බැහැර කිරීමටයි, එමඟින් අපට ඩොලර් බිලියන 2-3ක් පමණ ලැබේවි.’’ යැයි ඔහු පැවැසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඉදිරියේදි නිර්මාණය වීමට නියමිත සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකමක් තමාට ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවට දේශපාලන සමාජය තුළ මේ වනවිට රාවයක් පැතිරයමින් තිබෙන බවත් මේ පිලිබඳව තම සංවිධානයේ දැඩි අවධානය යොමුව ඇති බවත් Black Cap Movement සංවිධානය පවසයි.
Read Moreපොල්ගහවෙල අවුරුදු 08ක ළමයෙකු අලි නාවනවා බලමින් සිටියදි එම ස්ථානයට පැමිණි බිමත් ග්‍රාමසේවා නිලධාරියෙක් එම ළමයා උස්සා අලියා නාවමින් සිටි ඇළට විසිකර ඇති බව පොලීසිය පවසයි.
Read Moreජනතා විරෝධය හමුවේ රටින් පිටවගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ඇමරිකාවේ පදිංචියට යාම වෙනුවෙන් ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය ලබා ගැනිම වෙනුවෙන් වූ කටයුතු ආරම්භ කර ඇති බව බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුු වාර්තා කරයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2023-27 සඳහා වන අනාගත තරගාවලි ප්‍රකාශයට පත්කර තිබේ.ලබන වසරේදී ඉන්දියාවේදි පැවැත්විමට නියමිත ලෝක කුසලාන තරගාවලියත් සමගින් මෙම අනාගත තරගාවලි ප්‍රකාශයට පත්කර ඇති අතර එහිදි ප්‍රධාන තරගාවලි පහක් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreමහජන උපයෝගීතා කොමිසම මගින් ලබාදුන් විදුලි බිල වැඩි කිරීමේ අනුමැතියත් සමඟ කබලෙන් ලිපට වැටි දුෂ්කරතාවයට පත් ජනතාවට, රොකට් යවනවා කියා ලංකා විදුලිබල මණ්ඩලයට කෝටි හතලිස් නමයක් වංචා කළ රාජකීය පුත්තු තෙල් වලටත් අත තියා ගසා කනවාද කියන සැකය මතුවී ඇති බව 43 සේනාංක ප්‍රධානි පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreලාෆ් ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1050කින් පහළ දැමිමට තිරණය කර තිබේ.
Read Moreඅන්නාසි වගා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවීම හේතුවෙන් මෙරට අන්නාසි වගා කිරීමෙන්, වෙළඳාමෙන් සහ අපනයනය කිරීමෙන් ඉවත්වීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් දහස් ගණනකගේ ජීවනෝපාය අහිමි වෙමින් පවතින බවත් වගාකරුවන් සහ වෙළඳුන් පෙන්වා දෙති.
Read Moreනිදහසින් පසු රටේ ඉතිහාසය තුළ මෙන් නොව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සඳහා වැඩි අවධානයක් අවශ්‍ය බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (අගෝස්තු 17) පැවසීය.
Read Moreබොරතෙල් පිරිපහදු කිරීමේ මෙහෙයුම් මෙම සතියේදි ආරම්භ කිරීමටත් ඒ සඳහා අවශ්‍ය බොරතෙල් අඛණ්ඩව ලබාගැනීම සඳහාත් සාකච්ඡාවක් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
Read Moreරුපියල් විසි කෝටි පනස් ලක්ෂයක් වටිනා ( රුපියල් මිලියන 205 ක් ) කිලෝ 09 යි ග්‍රෑම් 500 ක් බරැති රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන ගමන් බිමන් සහ වෙනත් කාර්යයන් සඳහා රජයේ මුදල් වැය කරන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට තමා දුන් පිළිතුර ඇතැම් මාධ්‍ය විකෘති කොට පළකර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24දා මෙරටට පැමිණනෙ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
Read Moreමන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩියකට ඊයේ (16දා) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනිතබා පලායම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න අලාභයක් විඳීමට අදාල ධීවරයින්ට සිදුව ඇතැයි පේසාලෙයි පොලීසිය පවසයි.
Read More