පැදවූ යතුරුපැදියේ ආදායම් බලපත කල් ඉකුත්වූ කාන්තාවකගෙන් රු.20000/= අල්ලසක් ගත් ඇල්පිටිය පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙක් සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී 1 විසින් ඇල්පිටිය පොලීසියට කරන ලද නියෝගයක් මත මේ පොලිස් සැරයන්වරයා සැකපිට පශ්න කිරීම සදහා ඇල්පිටිය පොලීසිය විසින් සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන ඇත්තේ ෙපෙර්දා බවද කියයි.
තමාගෙන් මේ පොලිස් සැරයන්වරයා බලෙන් රුපියල් විසිදහසක් ලබාගත්තේ යයි කියමින් ඇල්පිටිය පොලිස් අධිකාරී කාරයාලයට දමන ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව මේ පොලිස් සැරයන්වරයා අත් අඩංගුවටගත් බවද පොලීසිය කියයි.
සැකකාර පොලිස් සැරයන්වරයා මිහින්තලය රබෑව පදේශයේ පදිංචිකරුවෙක් බවද පොලීසිය කියයි. ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රයන්ත