බදුල්ල බණ්ඩාරවෙල ප්රධාන මාර්ගයේ හාලිඇල නිල්බෝවිල ප්රදේශයේ දී ගුවන් හමුදාකැබ් රථයක් ඊයේ (19දා) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක ගැටි සිදු වූ අනතුරකින් ගුවන් හමුදා හමුදා නිළධාරින් හයදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .
මොවුන් අතරින් දෙදෙනකු ප්රතිකාර ලබා රෝහලින් පිටවී ගිය බවද පොලිසිය කීය .
අරලගංවිල ,අනුරාධපුර ,ගාල්ල වදුරඹ,බදුල්ල රිල්පොල කන්දේඅරාව යන ප්රදේශ වල පදිංචි අවුරුදු 25-30 අතර වයසේ පසුවෙන දියතලාව ගුවන් හමුදා කදවුරේ නිලධාරීන් මෙසේ තුවාල ලබාදැනට රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවත් පොලිසිය පැවසීය .
අනතුර සිදු වන අවස්ථාවේ ගුවන් හමුදා කැබ් රථය තුළ ගුවන් හමුදා නිලධාරීන් දසදෙනකු ගමන් කර ඇති අතර ,ඉන් සිව්දෙනෙකු තුවාල නොලබා බේරි ඇතැයි උසස් පොලිස් නිළධාරියකු සදහන් කළේය .
දියතලාව ගුවන් හමුදා කදවුරේ සිට බදුල්ල දෙසට මෙම ගුවන් හමුදා නිලධාරීන් පිරිස ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි .
ඇල්ල ප්රසාද් රුක්මල්
