දේශපාලන පක්ෂ 75ක් හා ස්වාධීන කණ්ඩායම් 12ක් හම්බන්තොටට ඇප තියයි
පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පළාත්පාලන ආයතන 12ක් වෙනුවෙන් කණ්ඩායම් 75ක් හා ස්වාධීන කණ්ඩායම් 12ක් ඇප මුදල් තැන්පත්කර තිබේ.
ඒ අතරින් ජාතික ජන බලවේගය 18 වනදා ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව හා එක්සත් ජාතික පෙරමුණ 19 වනදා වීරකැටිය ප්‍රා දේශීය සභාව වෙනුවෙන් නාමයෝජනා භාරදීම සිදුකර තිබේ.
ඇති අතර ඒ අනුව තවත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 85 ක් 20 වනදා සහ 21 යන දිනයන්හි හම්බන්තොට දිස්ත්‍රිකයේ පළාත්පාලන ආයතන 12ක් වෙනුවෙන් නාම යෝජනා භාරදීමට නියමිතය.
එමෙන්ම අද (19) පෙරටුගාමි පක්ෂය පළාත්පාලන ආයතන 05ක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරන ලදී. එමෙන්ම මාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පාක්ෂිකයින් පිරිසක් ස්වාධීන කණ්ඩායමක් ලෙස තංගල්ල නගරසභාව හැර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනෙක් පළාත්පාලන ආයතන 11ක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදුවූවිය.
නමුත් එම කණ්ඩායම මාධ්‍යට වසන්වී ඇප මුදල් තැන්පත්කිරීමට යාමට උත්සහ කල අතර ඒ සම්බන්ධයෙන් විමසු විට කිසිදු පිළිතුරක් ලබාදීමට කිසිවෙකු ඉදිරිපත් නොවී එම ස්ථානයෙන් පිටව යන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

