විශ්ව විද්‍යාල සිසුවිය ඝාතනයටත් මුදලිගේ සම්බන්ධ කර ගනියි
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවිය ඝාතනය කළ ඝාතකයා අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ සමඟ අරගලයේ හිටපු කෙනෙක් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
“මම අරගලයෙන් බැටකාපු මිනිහෙක්. අපි ඊයේ පනතක් ගෙනාව. ඒ පුනරුත්ථාපන කාර්යංශ පනත. ඒකට සමඟි ජන බලවේඟයයි, ජනතා විමුක්ති පෙරමුණයි විරුද්ධ වුණා.ඒක පෙන්වන්න හැදුවේ අරගලයේ හිටපු අයට විරුද්ධ කුමන්ත්‍රණයක් විදියටයි. එහෙම නෑ. අරගලයට වියදම් කළෙ විදේශ බලවේග, එල්.ටී.ටී.ඊ කාඩර් එක, බෞද්ධ විරෝධී බලවේග. අරගලයේ හිටපු මිනිස්සු අද ඡන්දය ඉල්ලන්නේ ජනතා විමුක්ති පෙරමුණින් හා සමඟි ජන බලවේඟයෙනුයි.
ඒ වගේම විශ්ව විද්‍යාල සිසුවිය ඝාතනය කළ ඝාතකයා වසන්ත කුමාර මුදලිගේ සමඟ අරගලයේ හිටපු කෙනෙක්. ඒ බව ෆේස්බුක් එකේ තියෙනවා. තමන්ගෙ මතයට නැත්නම් ඌව මරණ එකද හරි. මෙවැනි ළමයින් පුනරුත්ථාපනය කළ යුතුයි. මැයි 9 වැනිදා වුනෙත් ඒකයි. තමන්ගේ මතයට නැති නිසා අර අහිංසක මන්ත්‍රීතුමා මැරුවා. අරගලයට වියදම් කළේ කුඩු කාරයො. මාස තුනක් අරගලයට කෑම දුන්නේ ඒ අයයි. ඒව ගැනත් හොයන්න ඕන. මම මේව ඒ කලෙත් කිව්වා. හැබැයි හැමෝම මට බැන්නා.
පොහොට්ටුවෙ උන්ට ගැහුව්වා. දැන් උන්ට එන්න බැහැ.ඒ නිසා අපිට ගම දිනා ගන්න පුළුවන් කියල කවුරු හරි හිතනවනම් ඒ අයටත් වෙන්නෙ තමන්ගේ ගෙවල් ගිනි තියව ගන්නයි. මිනිස්සුන්ගෙ මනස ඒ ගාණට හැදිලා. කවුරු හරි අධිකරණයට යනකොට සුදු ඇඳුමක් අඳගෙන, උඩ බොත්තම දාගෙන යන්න විනයක් තියෙනවා.
එහෙමනම් නීතීඥවරුන්ට හුරේදාලා, අත්පුඩි ගහල පිළිගත්තම හරි යනවද?. පොදුදේපළ පනත යටතේ සාමාන්‍ය මිනිහෙක් උසාවි දැම්මොත් මාස තුනක් යනකම් ඇපගන්න බැහැ.හැබැයි අරගලයට සම්බන්ධ අයට ඇප දුන්නා. ඒව දකිනකොට සමාජය හිතනව අපි කරපු දේ හරි කියල."
popular news
-
Dayan Thursday, 19 January 2023 04:29 PM
Why do we take his word seriously. He is a convicted extortionist. Will shout in parliament for few days. Crab dances. In the pot untill getting boild the water.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

