ජාතික නිදහස් දින ඇතුලු ජාතික උත්සව අවසානයේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කරන ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයෙන් කළ ඉල්ලීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ෆුල්ෆේස් හෙල්මට් නීතිය ඉවත් කරමින්, පදවන්නාට සහ පසුපසට යන දෙදෙනාටම ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කරමින් රෙගුලාසි සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreනාඩු වී කිලෝවක් රු. 120ක්, සම්බා වි කිලෝවක් රුපියල් 125ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130ක් වන සහිතක මිලක් යටතේ හෙට (17දා) වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreකඩුවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා එල්ල කල වෙඩි ප්‍රහාර මධ්‍යයේ පලා ගිය සුඛෝපභෝගී ජීප් රථයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් තියුණු ආයුධ සහ හොරයින් මත්කුඩු සමග ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කඩුවෙල පොලිසිය සඳහන් කරයි.
Read Moreතමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන නියෝගයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් මහත්මිය ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
Read Moreනුදුරු අනාගතයේ දී රියදුරු බලපත්‍රය සහ වාහන මාරු කිරීම් ඇතුළු සියලුම ගාස්තු සංශෝධනය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනුමැතිය ඉල්ලා ඇතැයි ‘ඩේලි මිරර්’ සඳහන් කරයි.
Read Moreලෝක වෙළදපොළ තුළ බොරතෙල් මිල පහළ ගියත් මෙවර ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තිරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Read Moreවසරේ මුල් මාස 4 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 628ක පාඩුවක් ලබා ඇති අතර ඒ් අනුව මේ වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය අංශය සතු ව්‍යාපාර වලින් වැඩිම පාඩුවක් ලැබූ ආයතනය බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පත්ව තිබේ. ඒසේම ඒම පාඩුව මෙම වසරේ මුල් මාස 4 තුළ රාජ්‍ය ආයතන සියල්ලම ලැබූ අලාභය වන රුපියල් බිලියන 860ක අගයෙන් සියයට 73ක අගයක් ගනී.
Read Moreරාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
Read More2023 වසරේ පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 75වැනි නිදහස් දින උත්සවය සංවිධානය වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත කැබිනට් කමිටුවක් පත්කර තිබේ.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියෙන් ජපාන තයිසේ සමාගම ඉවත්වීම වෙනුවෙන් රජය සමග සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව නික්කෙයි පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read More2022/23 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදාහැරීමේ වැඩ පිළිවෙළ යටතේ පළමු තොගය යාපනය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත ලබා දීම ඊයේ (15දා) සිදු කෙරිණි.
Read Moreදඩුලේනා ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන නොයෑමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
Read Moreඉන්ධන සැපයීමේ දී QR කේත ක්‍රමය පරීක්ෂා කිරීමේ කටයුතුවලින් අද (15දා) සිට සියළුම සංවර්ධන නිලධාරීන් ඉවත්වීමට සංවර්ධන සේවා නිලධාරීන්ගේ සංගමය දන්වා දෙයි.
Read Moreචීනයේ පර්යේෂණාත්මක නෞකාවක් වන යුවාන් වැංග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබේ. මෙම නෞකාව ඉන්ධන හා අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනිම වෙනුවෙන් මෙසේ හම්බන්තොට වරායට පැමිණියේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ක්‍රීඩා කවුන්සිලයේ වත්මන් සභාපති අර්ජුන මහතාගෙන් රුපියල් බිලියන 2ක වන්දි ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
Read More· රට තුළ ඖෂධ නිෂ්පාදනයේ ඉලක්කය 40% · අද වන විට ඉන් 20% ක්
Read Moreඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටටම වෙන්ව ගමනක් නොමැති බව සඳහන් කළේය.
Read Moreරජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් වන අධිකරණ කටයුතු හෝ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන් විසින් කිසිදු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ නිලධාරින් (මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන්) සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන්
Read Moreශ්‍රී ලංකාවට ඉදිරියට අවශ්‍ය ගල අඟුරු ලබා ගැනීමේ ගැටලුවක් නොමැති බවත් ඒ සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩර් සඳහා හොඳ සැපයුම්කරුවන් ඉදිරිපත්ව ඇති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
Read Moreනොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ මෙගා වොට් 300 ධාරිතාවයකින් සමන්විත පළමු ජනන යන්ත්‍රය (Unit 01) මේ වනවිට හදිසියේ ඇති වූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් අක්‍රීය වී ඇත. මෙම ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දළ වශයෙන් සති 02ක පමණ කාලයක් වැය වෙතැයි අපේක්ෂා කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
Read Moreනොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන පද්ධතියේ බිඳවැටීම හේතුවෙන් හෙට (16දා) සිට විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
Read Moreඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය අද (15දා) දහවල් 12.20 ට කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේය.
Read Moreඉන්ධන ප්‍රවාහන කරමින් තිබු බවුසරයකින් නීති විරෝධි ලෙස පෙට්‍රල් තොගයක් පිටස්තර ශීතාගාර ලොරි රථ දෙකකට අලෙවි කිරීමේ යෙදි සිටියදී පුත්තලම හා ආණමඩුව පොලිස්ථාන ස්ථාන දෙකකදී පෙට්‍රල් ලීටර් 13200ක් සමග අද (15දා) දහවල් අත්අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.
Read Moreයාපනය අච්චුවේලී කාලානෙයි ප්‍රදේශයේ පිහිටි කුකුලු ගොවිපලක කිකිලියකට පාද 4 ක කුකුලු පැටවෙකු ලැබී ඇතැයි එම ගොවිපලේ හිමිකාරිය පැවසුවාය.
Read Moreනොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන පද්ධතියේ බිඳවැටීම හේතුවෙන් හෙට (16දා) විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදුව ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
Read Moreනොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන පද්ධතියේ බිඳවැටීමක් සිදුවී ඇති බව වාර්තා වේ. එම බිඳ වැටීම යථා තත්ත්වයට පත්කිරීමට ආසන්න වශයෙන් දින 16 පමණ කාලයක් ගතවනු ඇති බවත් මේ වන විට අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
Read More“රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022-04-26 දිනැතිව යොමු කර ඇති අංක 03/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛයේ විධිවිධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් කටයුතු කළයුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.
Read Moreඩුබායි රටේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා නැමැත්තාගේ ප්‍රධානතම වෙඩික්කරු බොරලස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ බෝඩිමක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read More