නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පුද්ගලික සමාගමක් නමින් මාරවිල මුදුකටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා එහි හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු පෙරේදා (17දා) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
රුමේනියා රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් මෙම ආයතනය දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් අයකර ඇති අතර, අදාල ආයතනය වැටලීම් කරන අවස්ථාවේදී එම ආයතනය තුළ තිබී විදේශ ගමන් බලපත්‍ර 38ක්, රු.30,000 ක මුදලක් ඇතුළු ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (18දා) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, වැඩිදුර නඩු විභාගය 2023.06.21 දින කැඳවීමට නියමිතය.