ගලේවෙල දඹුල්ල ප්රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්රදේශයේදී අද (20දා) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරළී යාමෙන් එහි ගමන් ගත් එකම පවුලේ හතර දෙනෙකු සහ රියැදුරු ඇතුළු පහක් තුවාල ලබා ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුළු කර බව ගලේවෙල පොලිසිය පවසයි.
කොළඹ ප්රදේශයට ගමනක් ගොස් නැවත එන අතරතුරදී රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි ගලේවෙල පොලීසියේ රථවාහන නිලධාරීහු පවසති.
තුවාල ලබා ඇත්තේ ගලේවෙල දඩුයාය ප්රදේශයේ පදිංචි එකම පවුලේ මව පියා සහ දරුවන් බවත් තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 2 ක දියණියක් ද වන බව පොලීිසිය කියයි.
ගලේවෙල කනාදන පාලම ආසන්නයෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි විසිපහක් තිහක් පමණ ගැඹුරු ප්රපාතයකට මෝටර් රථය පෙරලී ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
රාත්රී කාලයේ අළුයම් කාලයේ වාහන පැදවීමේදී රියදුරන් සැලකිලිමත්ව රිය පැදවීම් සිදුකළ යුතු බවත් එසේ නොවන්නට අපරික්ෂාකාරී ලෙස වාහන පැදවීම නිසා මෙම අනතුර සිදුවී ඇතැයි ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එච් .එම්. අයි.වී . බණ්ඩාර මහතා සඳහන් කළේය.
පොලිසිය මැදිහත්ව යන්ත්රසූත්ර උපයෝගී කරගෙන පාලම යට සිරවී තිබූ මෝටර් රථය ගොඩගැනීම පෙරවරුවේ සිදු කෙරිණි.
අනතුර සම්බන්ධයෙන්යෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වති.
