සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු කාමරයේ මුදල් සොරකම් කිරීම පිළිබඳ සිද්ධියේ විමර්ශන කටයුතු අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා දී තිබේ.
පසුගිය 08-09 දා අතර මෙම සොරකම සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු සබරගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මෙතෙක් සිදුකර තිබුණි.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියොජ්ය පොලිස්පතිවරයා යටතේ සිදුකිරිමට පොලිස්පතිවරයා නියෝග කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක්ද ඉල්ලා තිබේ.