ඕමානයේ සුරක්ෂා නිවසේ සිටි තවත් පිරිසක් දිවයින
- 20 01 2023
- 11:10
- {{hitsCtrl.values.hits}} views
- ..
ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (20දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
මොවුන් අතර සිටි ගෘහ සේවිකාවන් 06 දෙනෙකු එරටේ දී විවිධ ප්රශ්න වලට භාජනය වී , පසුව ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත " සුරක්ෂා " රැදවුම් නිවාසයේ රදවා තබා සිටි අය වූහ.
මීට අමතරව තවත් ගෘහ සේවිකාවන් 08 දෙනෙකු ඔවුන් සේවය කළ නිවාස වල දී සුළු වැරදි වලට චෝදනා ලබා එරට කම්කරු උසාවියෙන්( Labour Court ) වැරදිකරුවන් වී පිටුවහල් කර මෙසේ එවා තිබුණි.
මෙසේ පැමිණි ගෘහ සේවිකාවන් පිරිස අතර ගර්භණී තත්වයේ පසු වූ ශ්රී ලාංකික ගෘහ සේවිකාවක් ද පැමිණ සිටියාය. මෙම ගෘහ සේවිකාවන් පිරිස 01/20 දින අලුයම 04.50 ට ඕමානයේ මස්කට් නුවර සිට , ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගෘහ සේවිකාවන් පිරිස ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් භාර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවාස වෙත යැවීමට පියවර ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

