“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී අපි හොඳ ප්‍රගතියක් ලබා ඇති බව මට ප්‍රකාශ කළ හැකියි. IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් වන පළමු සන්ධිස්ථානයට ලඟා වීමට අපට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා,”
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (30) සංවිධානය කර තිබූ විරෝධතා අතරතුර විරෝධතාකරුවන් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යාංශය දැනටමත් ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreසතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ අද අධිචෝදනා භාර දුන්නේය.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව පවත්වනු ලබන විරෝධතා පා ගමන මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී තිබේ.
Read Moreගාල්ල සිට මාතර බලාධාවනය වෙමින් තිබු පුද්ගලික බස්රථයක් අද (30දා) උදැසන ගාල්ල සමුද්‍ර රමාවතේ දි වෙනත් රථයකට ඉස්සරකිරිමට යාමේ දි ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබු ලොරිරථයක ගැටිමෙන් වු අනතුරකින් බසයේ රියදුරු මියගොස් ලොරිරථයේ රියදුරු හා තවත් අයෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
Read Moreසර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් තමන් නැවත වරක් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ආරාධනා කරන බවත් රට ජාතිය ගොඩ නැගීම වෙනුවෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අද (30දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී හමුවිය.
Read Moreවිදුලියෙන් ක්‍රියාත්මක පාපැදි නිශ්පාදනය කිරීමේදී ඒ් සඳහා අගය ඒකතු කිරිම වෙනුවෙන් ආනයනය කරන අමු ද්‍රව්‍ය සඳහා බදු නිදහස් කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreදුම්රිය සේවයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන ලබා ගන්නා බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මෙහි නියමු ව්‍යාපෘතිය කැළනි වැලි දුම්රිය මාර්ගයෙන් ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය. මෙහිදී ආයෝජකයන් තෝරා ගැනීම තරගකාරී ලංසු ක්‍රමයක් අනුව සිදුකරන බවද ඔහු පැවැසීය.
Read Moreශ්‍රී ලංකාව තුළ ශාඛා විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවස්ථාව දෙන බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ආයෝජන මණ්ඩලය හරහා ලබාදෙන බවත් ජනපතිවරයා ප්‍රකාශ කළේය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණැගල ආරම්භ කිරීමට යෝජනා කරන බවද ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreනියමු ව්‍යාපෘතියක් ලෙස හාලි ඇල සිට කොළඹ කොටුව දක්වා භාණ්ඩ එළවළු හා පළතුරු ප්‍රවාහන දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreහෙක්ටයාර් 2ට අඩු ගොවීන් ලබාගත් ණය කපා හැරීමට කටයුතු කරන බව ජනති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මේ අනුව රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය මේ අනුව අත්හිටුවන බවත් ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 28000ක් බවත් ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreගැබිනි මව්වරුන්ට දැනට ලබාදෙන රුපියල් 20000ක දීමනාව වෙනුවට තවත් රුපියල් 2500ක මාසික අතිරේක දීමනාවක් ලබාදීමට යෝජනා කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ආහාර සුරක්ෂිතතාවක් නොමැති පවුල් 61000ක් වෙනුවෙන් මෙම පවුල් සඳහා වසරේ ඉදිරි කාලසීමාව තුළ මසකට රුපියල් 10000 බැගින් ලබාදීමට කටයුතු කරන බව ජනපතිවරයා පැවැසිය.
Read More2022 Changchun ගුවන් සංදර්ශනයේදී එහි කැපී පෙනෙන කාර්ය සාධනය සමග ගුවන් හමුදාවේ උපාය මාර්ගික බල හැකියාව වැඩිදියුණු කිරීම ඉස්මතු කර තිබේ.
Read Moreලංකා බැංකුව හා මහජන බැංකුව සතු කොටස්වලින් සියයට 20ක් එම බැංකුවල සේවකයන්ට හා තැන්පත්කරුවන්ට ලබාදිමට යෝජනා කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අතුරුඅයවැයෙන් ප්‍රකාශ කළේය.
Read Moreණය කලමණාකරනය කිරීම වෙනුවෙන් දැනට ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව හා මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන ලබන ණය කළමනාකරණය වෙනුවට ස්වාධීනව ක්‍රියාත්මක වන ජාතික ණය ස්වාධින ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවනවා.
Read Moreක්‍රියාකාරීන්ගේ ආයාචනා තිබියදීත්, සත්කාරක පවුල් සඳහා ගෙවීම් වැඩි කිරීමෙන් ගැටලුව වළක්වා ගත හැකිද යන්න පැහැදිලි නැත.
Read Moreනීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සහ රන් ආභරණ තොගයක් රාජ්‍ය බැංකු ශාඛාවක තැන්පත් කර තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් වන ග්‍රෑන්ඩ්පාස් ඩිලානි ප්‍රියදර්ශනී හෙවත් ලොක්කි නැමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreරජයේ ආයතන සතු අබලි ද්‍රව්‍ය බැහැර කර ආදායමක් උපයා ගැනිම වෙනුවෙන් රජයේ නිලධාරීනගෙන් සමන්විත කමිටුවක් ස්ථාපිත කරන බව ජනපතිවරයා පැවැසීය. මේ හරහා විශාල ආදායමක් උපයා ගත හැකි බවද ඔහු පැවැසීය.
Read Moreඑක්සත් ජනපද ආයුධ නිෂ්පාදකයා වන රේතියොන් 2024 අගෝස්තු වනවිට යුක්රේනය වෙනුවෙන් NASAMS පද්ධති නිෂ්පාදනය කිරීමට නියමිතය.
Read Moreරජය සතු ව්‍යවාසය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවෙන් ඒකකයක් ස්ථාපති කරන බවත් ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreරජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා මින් මතු පොසිල ඉන්ධන පාදක කරගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවන බව ජනපතිවරයා සිය අයවැය කථාවෙන් පැවැසීය.
Read Moreරාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60ක් දක්වා අඩු කරන බවත් දැනට අවුරුදු 60 ඉක්මවා ඇති සියලු රාජ්‍ය සේවකයන් දෙසැම්බර් 31 දා වන විට විශ්‍රාම ගත යුතු බවත් ජනපතිවරයා සිය අයවැය කථාවෙන් පැවැසීය.
Read More“ප්‍රසස්ත ලෙස භාවිත කිරීම සඳහා මෙන්ම ආදායම් උපයා ගැනීමේ ක්‍රියාවලිය සඳහා සුදුසු දේපළ හඳුනා ගැනීමට රජය සතු ගොඩනැගිලි, වාහන, ඉඩම් ඇතුළු නිෂ්චල හා චංචල දේපළ පිළිබඳ පුළුල් අධ්‍යනයක් කරනවා”
Read More“ආදායම් ඉහළ නැංවීම සඳහා බදු එකතුකිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට, බදු අනුකූලතාව වැඩි කිරීමට හා බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීමට බදු පරිපාලනය ප්‍රධාන කාර්යයක් ඉටු කළ යුතු වෙනවා. දැනට පවතින අවශ්‍යතාවන්ට අනුකූලව බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18 වැඩි සියලු වාසික පුද්ගලයන්ට අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ අවශ්‍යතාව හඳුන්වාදීමට යෝජනා කරනවා”
Read Moreලබන පළමුවැනිදා සිට එකතු කළ අගය මත බද්ද සියයට 12 සිට සියයට 15 දක්වා වැඩිකරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අය වැය ඉදිරිපත් කරමින් පැවැසීය.
Read Moreවිශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
Read Moreජනසතුකරණය මුවාවෙන් රාජ්‍ය ව්‍යවසාය අතට ගත් ගත් බවත් මේ අනුව ජනතා බදු මුදලින් වැඩි ප්‍රමාණයක් ඒම ව්‍යාපර නඩත්තු කිරීමට යොදවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජපානය අනෙකුත් ණය හිමියන් සමඟ සම්බන්ධීකරණය කරන බවත් ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් එකම මේසයක සිට සාකච්ඡා කරන ලෙස සියලුම ණය දෙන ජාතීන්ගෙන් ඉල්ලා සිටින බවත් ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා අඟහරුවාදා ප්‍රකාශ කළේය.
Read More