තිලිණි ප්‍රියමාලිට මුදල් දුන් පුද්ගලයන් ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වූ ව්‍යාජ නම් ලයිස්තුව සැකසූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (9) පැමිණිල්ලක් කළේය.
මහා පරිමාන මූල්‍ය වංචා චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට එරෙහිව ලැබෙන පැමිණිලි සංඛයාව ඉහළ යමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.
Read Moreදේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreමොරටුව අඟුලානේ බාලවයස්කාර දැරියක් විවහපත් කරගැනිමට ජයට මගුල් කෑ තරැණයා සහ දැරිය මංගල නීතියානුකූල භාරකාරත්වයෙන් අපහරණය යන චෝදනාව යටතේ උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් (9දා)අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පැවසීය.
Read Moreවැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Read Moreලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ජාලය වන බයිනෑන් හැක් කිරීමට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreරුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය යළිත් හෙට සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව සතියට දින දෙකක් ගුවන් සේවය ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.
Read Moreආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු සහන ලබාදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ඒකක 180කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික ස්ථාන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන මෙම සහනය ලබාදීමට නියමිතය.
Read Moreප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදය අද රාත්‍රී 11 දක්වා වලංගු වෙයි.
Read Moreවප් පසළොස්වක පෝය හෙට (9) ඉරිදා දිනයේ යෙදී තිබීම නිසා එදින බැංකු නිවාඩුව සඳුදා (10) දිනයට ලබාදී ඇති බැවින් සදුදා දිනයේ සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළඳපොළ වසා තැබීමට නියමිතය.
Read Moreකන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ උත්තර දේවී නරගාන්තර සීඝ්‍රගාමී දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර අද (8දා) පෙරවරුවේ පීලී පැනීමකට ලක්ව තිබේ.
Read Moreඅම්පාර හා කල්මුණේ නගර කේන්‍ද්‍ර කරගනිමින් වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ එජන්සි ආයතන දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු 2022.10.05 වන දින අත්අඩංගුවට ගත්බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 1.3ක ණය පහසුකමක් යුක්රේනයට ලබාදිමට කටයුතු කර තිබේ. ඒ අනුව එම මුදල් අද දිනයේදී යුක්රේනයට ලැබෙන බව යුක්රේන ජනපතිවරයා සඳහන් කරයි.
Read Moreගාලුමුවදොර මුහුදේ දිය නෑමට ගිය ළමුන් සිව් දෙනෙකු අතරින් එක් ළමයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. ඊයේ සවස්කාලයේ සිදුවූ මෙම දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 පදිංචි අවුරුදු 15ක් ළමයෙකි.
Read Moreඅගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම සියයට 10කින් ඉහළ ගොස් ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreඅ.පො.ස උසස් පෙළ විභාගය (2022) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (07) තීරණය කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවීම සඳහා පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.
Read Moreකෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) පත්විය.
Read Moreඅගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා විදේශගත වීමට නියමිත 2022.10.08 දින සිට 2022.10.13 දින දක්වා වන කාලසීමාව තුළ එම ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය ඊයේ (06) හිමි විය.`
Read Moreඅනුරාධපුර දක්වා ගමන් ගන්නා සංචාරකයින් හා වන්දනාකරුවන් සඳහා සති අන්තයේ සෙනසුරාදා දිනයේදි අනුරාධපුරයට යාමට හා ඉරිදා දින අනුරාධපුර සිට පැමිණීමට විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක්කර තිබේ.
Read Moreසපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව අද (06දා) සිට යළි වසා දමා තිබේ. ඒ ඒම පිරිපහදුව වෙනුවෙන් යෙදවීම වෙනුවෙන් බොරතෙල් නොමැතිවීම හේතුවෙනි.
Read Moreමධ්‍යසාර සහ දුම්වැටි මත බදු පැනවීමේ රජයේ අරමුණ වන්නේ භාවිතය අවම කිරීම මිස බදු ආදායම ඉහළ නංවා ගැනීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreදේශීය විදේශීය සංචාරකයින් දහස් ගණනක් පැමිණෙන උඩරට දුම්රිය මාර්ගයේ හමුවන සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් වන හපුතලේ ඉදල්ගස්හින්න තොටුපළ කදු ප්‍රදේශය අවදානම් කළාපයක් බැවින් එහි සංචාරය කිරීම හා රාත්‍රි කාලයේ කූඩාරම් ගැසීම සම්පුර්ණයෙන්ම තහනම් කළාපයක් බවට පත්කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් සම්බණ්ධිකරණ කම්ටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශන දෙනිපිටිය මහතා පැවසීය.
Read Moreමිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍ර දේශයේදී පියෙකු හා පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධව මේ වන විට සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreතිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත මහතා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (7දා ) ජීවිතක්ෂයට පත්වූ බව තිරප්පනය පොලීසිය පවසයි.
Read Moreගජමුතු තුනක් රුපියල් කෝටි තුනකට අලෙවි කිරීමට ගිය බිබිල ප්‍රදේශයේ පදිංචි හිමිනමක් ඇතුළු පස් දෙනෙකු මාතලේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙස සේවය කරන චතුරංග රණසිංහ මහතා ආසියානු ඔලිම්පික් කවුන්සිලය මගින් පිරිනමන ලද ’’ ෂෙයික් ෆහාඩ් හිරෝෂිමා ආසියානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යා සම්මානය ’’ දිනා ගැනීමෙන් අනතුරුව ඊයේ (06) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය .
Read Moreආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා ජාතික සභාව යටතේ සාමාජිකයන් පත් කරන ලද ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේ දී නිතරගයෙන් පත් විය.
Read Moreඋඩවලව ජාතික වනෝද්‍යානයට අයත් හම්බේගමුව තිඹිරියමංකඩ ප්‍රදේශයේදී ඉකුත් (06) වෙනිදා අලුයම වනජීවී නිලධාරීන් සහ දඩයක්කරුවෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරු බරපතල තුවාල ලබා ඇතැයි හම්බේගමුව පොලීසිය පවසයි.
Read More2022 වසරේ මැයි 30 දා සිට ඊයේ (06දා) දක්වා වූ කාලය තුළදි වෙඩි තැබිම්වලින් පුද්ගලයන් 35ක් මියගොස් තිබෙන බව පොලිස් මූලස්තානය සඳහන් කරයි.
Read More