තමන් නාමල් රාජපක්ෂ මහතා වැල් පාලමෙන් එගොඩ කිරීමට උත්සාහ කරන බවට විපක්ෂය සඳහන් කළත් තමන් ශ්‍රී ලංකා මාතාව වැල් පාලමෙන් එගොඩ කළ බවට මේ වන විට මුළු ලෝකයම පිළිගෙන ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද (22දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
“විවධ හේතු කියමින් විපක්ෂය මට සහාය දීම ප්‍රතික්ෂේප කළා. මගේ පත්වීම ව්‍යවස්ථාවට විරුද්ධයි කිව්වා. ජාතික ලැයිස්තුවෙන් අගමැතිවරු පත්කරන්න බෑ කිව්වා. මගේ අරමුණ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම නෙමෙයි රාජපක්ෂලා බේරා ගැනීම කිව්වා.
අසීරු වැල් පාලමෙන් මම එගොඩ කරන්නේ ශ්‍රී ලංකා මාතාව නෙමෙයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වා. නමුත් ශ්‍රී ලංකා මාතාව වැල් පාලමෙන් එගොඩකරන්න ක්‍රියා කළ බව දැන් ජාත්‍යන්තරයම පිළි අරගෙන තිබෙනවා.”