2023 ජනවාරි 01 දින සිට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් විසින් පුරවනු ලබන පැමිණීමේ හා පිටවීමේ කාඩ්පත (Arrival and Departure Card) මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසේ.
කිසියම් පිරිසක් පළාත් පාලන මැතිවරණය ඉල්ලා අධිකරණයට ගිය නිසාත්, මාර්තු මාසේ 20දාට පළාත්පාලන අයතන විසිරෙන නිසාත් පළාත්පාලන මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට සකසා තිබූ කිසිම පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකිවන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුඹර මහතා අද (29දා) පැවසුවේය.
Read Moreඇමෙරිකාවේ ’හාට් ටු හාට්’ (හදවතට හදවත්) සංවිධානය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඖෂධ තොගයේ තෙවැනි කොට ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී තිබේ.
Read Moreඅධ්‍යාපන කටයුතු සඳහා තරුණ තරුණියන් විදේශ ගතකරන මුවාවෙන් පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචාකළ ආයතනයක් වැටලීම් කර එය පවත්වාගෙන ගිය අඹු සැමි යුව
Read Moreමත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතට ඉදිරි සති කිහිපය තුළ තවත් ගුවන් යානා සමාගම් කිහිපයක් ගමන් ආරම්භ කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.
Read Moreමාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා හා ඔහුගේ බිරිඳ පෞද්ගලික සංචාරයක් සහා අද (29) දහවල් දිවයිනට පැමිණ තිබේ. යූ.එල්. 102 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ තිබේ.
Read Moreමහා භාණ්ඩාගර ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 10,600ක මුදලක් වෙන්කරමින් මෙම වසර තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 215න් ව්‍යාපෘති 175ට ආසන්න ප්‍රමාණයක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreඇමෙරිකානු ජාතිකයෙකු සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු සියරට බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී ඔහුගේ ගමන් මල්ලේ තිබී මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10 සහ ඒවා බහාලන පතරොම් ගැබක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් ඊයේ (28දා) දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreබනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා චූන් ත්‍රිරෝද රථයක් අසළට පැමිණි වයස අවුරුදු හතර හමාරක කුඩා දරුවෙකු ඔසවා පොළොවේ ගැසූ බව කියන සිද්ධියකට සම්බන්ධ 44 හැවිරිදි සැකකරුවෙක් ජනවාරි 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක මහත්මිය ඊයේ (28දා) නියෝග කළාය.
Read Moreතම සැමියාගේ මව සතුව තිබූ රුපියල් ලක්ෂ 15ක මුදලක් සොරකම් කළ ලේලියක්,සොරකම් කරන ලද එම මුදලින් රුපියල් හය ලක්ෂ තිස් දහසක් සමග ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය කියයි.
Read Moreසෙනසුරාදා හා ඉරිදා දින නිවාඩු මෙන්ම ලබන වසරේදී සතියේ මැද දිනයන්ට වැටෙන වෙනත් පොදු නිවාඩු (පෝය දින, අලුත් අවුරුදු, වෙනත් ආගමික සැමරුම්) සැලකූ විට ලබන වසරේදී නිවාඩු සංඛ්‍යාව 123ක් බවට පත්ව තිබේ. පහතින් දැක්වෙන්නේ ලබන වසරේදී පොදු නිවාඩු දින යෙදී ඇති ආකාරයයි.
Read Moreපාස්කු දා ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ මහ මොළකරු වූ සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ බව කියන මෙන්ම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ තමිල්නාඩු මොඩියුලයේ මහ මොලකරු ලෙස පැවැසෙන මොහොමඩ් අසාරුදීන් ඉන්දීය ජාතික විමර්ශන ඒ්කකය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.
Read Moreයෝජිත විදුලි ගාස්තු ගැලපීම්, ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව ලංවිම වෘත්තීය සංගම් කිහිපයක් සමග අමාත්‍ය කංචන විජේසේකර මහතා සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreරුසියානු සංචාරකයන් 400ක් රැගෙන රෙඩ් වින්ග්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද පෙරවරුවේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
Read Moreඩකා, බංගලිදේශය (ඒපී) - ජපාන මූල්‍ය සහයෝගය යටතේ බංග්ලාදේශයේ ඩකා අගනුවර ඉදිවූ එරට පළමු සැහැල්ලු දුම්රිය සේවය බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මිය විසින් විවෘත කරනු ලැබීය.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ලෝකයේ 4 වැනි තැනට අවප්‍රමාණය වූ මුදල් ඒ්කකය බවට ශ්‍රී ලංකාවේ රුපියල පත්ව තිබේ.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් පත්කිරීම ගැන අවසන් තීරණය අද (29දා) දිනයේදී ගැනීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී මෙම තීරණය ගැනීමට නියමිතය.
Read Moreඖෂධ වර්ග 28 න් 13 කට තමයි අනුමැතිය ලැබුනේ. මම රටවල් 86 කට ගොස් තිබෙනවා. මේ මගේ 17 වනි පාස්පොට් ඒක. මම පුරුදු වෙන්න රට යන කෙනෙක් නොවෙයි. අවුරුදු 08 දි මම දෙමාපියන් සමග එංගලන්තයට ගියේ. රට යනවා කියන එක මට මැඡික් එකක්වත්, විජ්ජාවක් වත් නොවේ. මට රජයේ මුදල් භාවිත කරන්න තිබුණා, ඒත් මම කළේ නැහැ. මට සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට වුවමනාවක් තිබෙනවා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 250 ක විතර ඖෂධ ගේනවා නම් අර කියන විදිහට කුප්පිවලට පුරවනවා ද ගෙවල් අස්සේ බෝතල්වලට පුරවනවා
Read Moreශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ඉදිකරන ලද මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල නැවතත් හෙට සිට ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනේ.
Read More2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැර ව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
Read Moreබංගලාදේශයේ පැවත්වෙන මධ්‍යම ආසියානු කාන්තා බීච් වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රි ලංකා කන්ඩායම සහබාගී වූ පලමු තරගයෙන් ජය ලැබීමට සමත්වූහ
Read Moreකාර්මික තාක්ෂණ ආයතනය සහ නැගෙනහිර පළාත් සභාව එක්ව මෙරට ප්‍රථම වතාවට ISO ප්‍රමිතියෙන් යුතු කෘෂි තාක්ෂණ රසායනාගාරයක් ඇති කිරීම සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිම ඊයේ (27දා) දහවල් පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
Read Moreඅනුරාධපුර සිට ඕමන්ත දක්වා වන දුම්රිය මාර්ගය පිළිසකර කිරීම වෙනුවෙන් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33ක් වෙන්කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreවිස්සයි විස්ස තරග 03 ක් හා එක්දින තරග 3 ක් සඳහා සහභාගිවන 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට එළි දක්වා ඇත.
Read Moreජනාධිපති සමාව හිමිවූ එරට රැඳවියන් 1,300ක් අතර හිටපු ජනපතිවරයාගේ නමත් පවතින බව දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය පවසයි.
Read More2022 ජනවාරි සිට 2022 දෙසැම්බර් 26 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 701,331 දෙනෙකු පැමිණ තිබේ. දෙසැම්බර් මාසයේ ගතවූ දින 26ක කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ගණන 73,314කි.
Read Moreවිදේශ රැකියා වලට යන පුද්ගලයින් නම, වයස, පදිංචිය ආදි තොරතුරු වෙනස් කර හැදුණුම්පත් සහ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර විදේශ ගතවීම වැලැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්ථමේන්තුවේ පරිගණක පද්ධතිය ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පරිශිලනය කිරීම සඳහා අවසර ලබා දී ඇති අතර ඊට අදාල අවබෝධතා ගිවිසුමට ඊයේ (27දා) අත්සන් තබන ලදි.
Read Moreබිත්තරයක් රුපියල් 55ට අලෙවි කිරීමේ වැඩසටහන යටතේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම මිලට බිත්තර මල්ලක් මිලදී ගත්තේය.
Read Moreදින දෙකක් පුරා නොකඩවා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව මෙම ගංවතුර ඇති වීමට හේතු වී ඇති අතර, මේ වනවිටත් 45,000ක උන්හිටි තැන් අහිමි වී ඇති බවද සඳහන් වේ.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 6ක පමණ කාලයකි. මෙම තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 31 දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.
Read More