කටුනායක ගුවන් තොටුපොළ සේවකයින්, සිය වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සේවක විරෝධතාවයක් අද උදෑසන 09.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ තුළ ආරම්භ කළහ.
මෙම විරෝධතා ව්‍යාපාරයට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ප්රගතිශීලී සේවක සංගමය , ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් ඒවායේ සාමාජිකයන් 3,000 ක පමණ පිරිසක් එක් වී සිටියහ .
ඔවුන් මුළින්ම කටුනායක ගුවන් තොටුපොළ බුදු මැදුර වෙත මල් පහන් පූජා කර සිය විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර පා ගමනින් විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඉදිරිපිටට පැමිණියේය.
ගුවන් තොටුපොළ මෙම සේවකයින්ට අවසාන වශයෙන් වැටුප් වැඩිවීමක් හිමි වී තිබුණේ 2018 වසරේ දී බවත් , සාමාන්‍යයෙන් ගුවන් තොටුපොළ සේවකයින්ට සෑම වසර තුනකට වරක් වැටුප් වැඩිවීමක් සේවා ව්‍යවස්ථාව අනුව හිමි වීමට නියමිත බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති කේ.ඩී.එස්.ප්‍රියන්ත මහතා පැවසීය .ෙ
සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙම වසරේ සියලු බදු ගෙවූ පසු ලාභය රුපියල් කෝටි 480 ක් උපයා ඇති අතර , මීට අමතරව තවත් රුපියල් කෝටි 100 ක් මහා භාණ්ඩාගාරය වෙත පරිත්‍යාග කිරීමක් ද සිදු කර ඇති බව අනාවරණය කළේය .
මීට අමතරව මත්තල ගුවන් තොටුපොළ ණය වාරික ගෙවීම , පළාළි ඇතුළු අනෙකුත් ලාභ නොලබන ගුවන් තොටුපොළ නඩත්තු කිරීම ද මෙම ගුවන් තොටුපොළ මගින් උපයන මුදල් වලින් සිදු කරන බව ද පැවසීය .
එනිසා සියලුම වැටුප් තල වල ගුවන් තොටුපොළ සේවකයින් වෙත අවම රුපියල් 33,000 ක වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස තමන් ඉල්ලීමක් කරන බව ද හෙතෙම පැවසීය .
මේ පිළිබඳ ඉල්ලීම රැගත් ගුවන් තොටුපොළ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් 07/19 දින පස්වරු 02.30 ට මහා භාණ්ඩාගාරය වෙත ගොස් සාකච්ඡා කිරීමට නියමිත අතර ඔවුන් පැමිණ එළඹි තීරණ දැනුම් දෙන තෙක් මෙම විරෝධතාකරුවන් අඛණ්ඩව මෙම විරෝධතාව පවත්වා ගෙන යන බව ද ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පැවසීය .
මෙම සේවක විරෝධතාවය නිසා ගුවන් ගමන් වලට හෝ ගුවන් තොටුපොළ එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතු වලට් බාධාවක් හෝ බලපෑමක් සිදු වී නොමැති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
