මදුරන්කුලිය ජින්නාවත්ත ප්රදේශයේ අවුරුදු තුනහමාරක් වයසැති තම එකම දරුවාව පොපොලීසියෙන් බේරීමට පිහියක් බෙල්ලට තබා ප්ර්රානඇපකරුවෙකු ලෙස තබාගත් පියෙකු අද 19 අත් අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලීසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ මදුරන්කුලිය ජින්නාවත්ත ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි එක්දරු පියෙකි.
සැකකරුගෙ බිරිඳ මීට මාස කීපයකට පෙර සැකකරුගෙ තාඩන පීඩන ඉවසාගත නොහැකිව සැකකරුව සහ තම දියණිය අතහැර නිවසින් පිටව ගොස් ඇතිබව පොලීසිය සිදුකළ විමර්ශන වලදී තහවුරු වී ඇත.
ඉකුත් 18දා සැකකරු විසින් තම බිරිදගෙ මවට හා පියාට පිහියක් අතඇතිව මරණ තර්ජන කරන බවට ප්රදේශ වාසියෙකුගෙන් 119 ලද තොරතුරකට අනුව ඒ පිළිබඳව විමර්ශනය සදහා පොලීසිය එම ස්ථානයට ගොස් අගතියට පත් දෙපළ බේරා ගැනීමට යාමේදී පොලීසිය හා සැකකරු අතර ගැටුමක් උද්ගත වීඇත.
මේ මොහොතේ සැකකරු එම ස්ථානයෙන් මිදී පළා ගොස් ඇත.
අතුරුව පොලීසිය එම ස්ථානයෙන් ඉවත්වී ඇති අතර එදිනම රාත්රී සැකකරු නිවසට පැමිණි ආරංචිය මත පොලීසිය එම ස්ථානයට යාමේදී සැකකරු විසින් පොලීසියෙන් බේරීම සදහා එක් අතකින් මාලු පිහියක්ද අනෙක් අතින් දරුවාද ගෙන පොලීසියට ලගට නොඑන ලෙස තර්ජනය කර ඇත.
මෙම අවස්ථාවේදී ප්රදේශවාසියෙකු විසින් එකවර සැකකරුගෙ ඇගට පැන දරුවාව ඉන් මුදවා ගැනීමෙන් අනතුරුව විශාල පරිශ්රමයකින් පසු සැකකරුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරුගෙ මාම්ණ්ඩි නැන්දම්මා සහ අවුරුදු තුනහමාරක් වයසැති දරුවාද ප්රතිකාර සදහා පුත්තලම රෝහලට ඇතුලත් කරඇත.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න/හිරාන් ප්රියංකර



