පළාත් පාලන ඡන්දය දෙසැම්බර් අවසාන සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවට මැතිවරණ කොමිසම විසින් දෙසැම්බර් 8 දා ප්‍රකාශයට පත් කළත් එ සඳහා තවත් ඇත්තේ දින තුනක කලයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් රැකියා සඳහා විදේශ ගතකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘ඩුබායි සුද්දා’ රුපියල් ලක්ෂය බැඟින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreදැනට පවතින ආර්ථික සමාජයීය අභියෝගවලට මුහුණදීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් නොවන බවත් සමස්ත අධ්‍යාපන පද්ධතියම පරිවර්තනීය වෙනසකට ලක් කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශය භාවිතා කරනු ලබන බෙහෙත් වර්ග 153 ක් රට තුළ මේ වන විට නොමැති බවත්, හැකි ඉක්මනින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (28දා) පැවසීය.
Read Moreනව ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම සියයට 150කින් වැඩි වුණත් එය ප්‍රමාණවත් වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ධාවනය සඳහා වන ඉන්ධන වියදම ආවරණය කිරිමට පමණක් බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreබීජිං (ඒඑෆ්පී): මධ්‍යම චීනයේ හෙනන් පළාතේ ෂෙන්සෝ නගරය ආසන්නයේ පාලමක් මත සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් මිය ගොස් වාහන 200කට අසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඅයාලේ යන ගවයින් අල්ලා නැගෙනහිර පළාතේ ගොවිපලවල් වෙත ලබාදීමේ වැඩසටහන යටතේ වස්කඩුව ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක කොටුකර සිටී ගවයින් දහතුන් දෙනෙකු අද (28දා) අලුයම අතුරුදහන්ව ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති.
Read Moreඅඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගය වහාම අඹේවෙල ගොවිපොලට ලබා දී එය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත්, එය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ කොමසාරිස්වරියට උපදෙස් දුන්නේය.
Read Moreකූඨ ලේඛන පිලියෙල කොට ව්‍යාජ ඔප්පු දෙකක් සකස් කිරීම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිට වරෙන්තු නිකුත් කර සිටී නීතිඥවරයෙකු අද (28දා) අත්අඩංගුවට ගත්බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි
Read Moreනීතිවිරෝධී ලෙස ට්‍රක් රථ තුල රුමේනියාව හරහා හංගේරියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයන් පිරිසක් රුමේනියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහෙට (29දා) දිනයේදී උතුරු හා නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබීජිං (ෂිංහුවා) -- චීනය තම කොවිඩ් සීමා පහත හෙළීමත් සමග චින ජාතිකයන්ට ක්‍රමානුකූලව සංචාරය සඳහා අවසර ලබාදීමට චීනය තීරණය කර තිබේ.
Read Moreවිදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ හැත්තෑවක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු මූකලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව දොම්පේ පොලිසිය කියයි.
Read Moreමහව සමූපකාර නිලවරණයෙන් ජාතික ජන බලවේගයට විශේෂ ජයක් ලැබී තිබේ. ඒ අනුව සභා නියෝජිතයින් සියයකගෙන් නියෝජිතයින් හැට දෙකක් ජාතික ජන බලවේගය ට පත් ව තිබේ.
Read Moreකාන්තාවක් විසින් පැදවූ ත්‍රිරෝද රථයක් බදුල්ල කහටරුප්ප මාර්ගයේ අම්පිටිය මංසංධියේදි ඊයේ (27දා) සවස ලංගම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් හත් හැවිරිදි දියණයක් මියගොස් තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
Read Moreමන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශිලාවතුර මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීමට ගොස් දින 4 ක් අතුරුදහන්ව සිටි ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ (27දා) සොයාගනු ලැබීය.
Read Moreජතික නිවාස සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ආයතන මට්ටමින් කරනු ලබන අමතරව එහි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදීමට කටයුතු කරමින් සිටින බව නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ඒ ජානක මහතා පවසයි.
Read Moreඇමෙරිකාවේ ජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි විසින් ගණනය කරන සතිපතා උද්ධමනය දර්ශකයට අනුව මෙවර ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ඔහු පවසයි.
Read Moreතල් සංවර්ධන මණ්ඩලයේ සහ තල් පර්යේෂණ ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි අපනයන ආයතනය විසින් පසුගිය නොවැම්බර් 29 වන දින ප්රංතශයටත්, දෙසැම්බර් 14 වන දින එක්සත් රාජධානියටත් අපනයනය කෙරිණි. ප්රං ශයට අපනයනය කළ ඇණවුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් 45,000 කි. මෙයට අමතරව තල් සංවර්ධන මණ්ඩලය ගෙවුණු නත්තල් සමයේ තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි එංගලන්තයේ බෙදාහැරීමේ නියෝජිත ආයතනය සමග විශේෂ අලෙවි ප්රංවර්ධන වැඩසටහනක් ලන්ඩනයේ බර්නෙට් (Barnet) ප්රතදේශය
Read Moreවියට්නාමයේ සරණාගත කදවුරක සිටි ශ්‍රී ලාංකිකයන් 152 දෙනෙකු අද (28දා) අලුයම එරටින් පිටුවහල් කර විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .
Read Moreප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කිරීමේදී තහවුරු නොකළ තොරතුරු වාර්තා කිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සියලු මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreමේ යටතේ අදාළ සමාගම විසින් වසරක කාලයක් සඳහා ත්‍රිපෝෂ වලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සිදු කෙරේ. මෙය එම ආයතනයෙන් පරිත්‍යාගයක් ලෙස ලබාදෙන අතර ඒ සඳහා රු.මිලියන 185 ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.
Read Moreපේරාදෙණිය විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාගේ සහ වත්මන් සභාපති වරයාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට පියවර ගත් බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය .
Read Moreබිත්තර මිල ගණන් පාරිභෝගිකයින්ට දැරිය නොහැකි ආකාරයට ඉහළ යාම නිසා බිත්තර අවම මිලත් යටතේ අලෙවි කිරීම සම්බන්ධව කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමග සාකච්ඡා කළේය.
Read Moreශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුනුකරු මිකී ආතර් , පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරිමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
Read Moreවසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු (27) දින පස්වරුවේ ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකට හිමිව තිබේ. මෙම ටෙන්ඩරය සඳහා සමාගම් 9ක් ඉදිරිපත්ව සිට ඇති අතර ඒ අතරින් අඩුම මිල ඉදිරිපත් කළ ඉන්දුනීසියානු සමාගමට එම ටෙන්ඩරය හිමිව තිබේ.
Read Moreපාසල් තුළ දේශපාලනයට, ව්‍යාපාරවලට සම්බන්ධ ඇතැම් ආදි සිසුන් හිටියත් තමන්ගේ පාසලේ දියුණුව වෙනුවෙන් කිසිවක් නොකරන බවත් බස් රථ නොමිලේ ලබා දීම නිසා ‘බස් මෑන්’ යනුවෙන් තමා හැදින්වූවත් එම අවලාද, අපහාස කිසිසේතම තමා විසින් නොතකන බවත් මහත්මා ගාන්ධි විසින් පැවසූ ආකාරයට වැඩ කරන මිනිස්සු සහ ලකුණු දා ගන්න මිනිස්සු යනුවෙන් දෙකොටසක් සිටින බවත් එම නිසා ලකුණු දා ගන්නා මිනිස්සු කෙතරම් සිටියත් වැඩ කරන මිනිස්සු එක්ක සිටගෙන රට වෙනුවෙන් යමක් කිරීමට ඕනෑම වෙලාවක් සූදානම්
Read Moreවසර දෙකකට අධික කාලයක සිට තම පියාගෙන් සිදු වන අතවර ඉවසා ගත නොහැකි වූ වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියක් කිලෝමීටර 12ක දුරක් ගෙවා තනිව ගල්නෑව පොලිසිය සොයා පැමිණ ඊයේ (26දා) ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළ බවත්, ඉන් අනතුරුව ප්‍රදේශයෙන් පළා යමින් සිටි සැකකාර පියා අත්අඩංගුවට ගත් බවත් ගල්නෑව පොලිසිය පවසයි.
Read More