ඇල්ල කුබල්වෙල මහමෙව්නා අසපුවේ පූජාවකට සහභාගි වන අයුරින් පැමිණ එහි පොත් මැදුර කඩා මුදල් රුපියල් 40350ක් සොරකම් කර පලාගොස් සිටි තරුණයකු අසපුවේ සවිකර තිබෙන ආරක්ෂිත කැමරා වල මාර්ගයෙන් හදුනාගෙන අද (19) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
බදුල්ල හම්බාවෙල මිල්ලගස්වත්ත පදිංචි 18 හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .
මෙම සැකකාර තරුණයා ඇල්ල කුබල්වෙල මහමෙව්නා අසපුවේ පූජාවකට සහභාගි වන අයුරින් අසපුවට රාත්රි පැමිණ එහි වසා තිබූ අසපුවේ පොත් මැදුරේ දොර කඩා ඇතුලු වී ඇලුමිනියම් පෙට්ටියක සහ ලිපි කවරයක් තුළ දමා තිබූ මුදල් මෙසේ සොරාගෙන ඇතැයිද පොලිසිය සදහන් කළේය .
සැකකාර තරුණයා එසේ මුදල් සොරාගන්නා අයුරු එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබූ බවත් ,ඒ අනුව සැකකරු හදුනාගෙන අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය පැවසීය .
ප්රසාද් රුක්මාල්