පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරීගේ රාජකාරී වැටුප් රහිතව තහනම් කරයි
එදින රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතාගේ සංචාරය අවස්ථාවේදීද අමාත්‍යයවරයා විසින් එම නිළධාරියාගේ සේවය තහනම් කරන ලෙසට සභාපතිවරියට උපදෙස් ලබා දුන්නේය.
'ලංකා පොස්පේට් ලිමිටඩ් ආයතනයේ සැපයුම් නිළධාරී ලෙස කණිෂ්ඨ සේවා ගණයේ තනතුරක සේවය කරනු ලබන ඔබගේ සේවය. ලංකා පොස්පේට් ලිමිටඩ් (රාජ්‍යය සමාගමේ) විනය පාලන නීතී රීතී 2006 (අ) සඳහන් නියමයන්ට අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩ හි XLVIII වැනි පරිච්ජේදයේ 31:1, 31:1:7, 31:1:8 හා 31:5:1 උප වගන්තීන් යටතේ පැවරී ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදී වැටුප් රහිතව මෙයින් තහනම් කරනු ලැබේ.
වැඩතහනමට ලක්ව සිටින කාළය තුළ මාගේ විධිමත් අවසරයකින් තොරව ඔබට මෙම ආයතන භූමියට ඇතුළු වීමට අවසර නොමැත.
පසුගිය 17 වැනි දින එප්පාවල පිහිටි ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතා පැමිණි අවස්ථාවේ එම ආයතනයේ වංචා දූෂණ කටයුතු සම්බන්ධයෙන් සේවකයින් පිරිසක් හෙළිදරව්වක් සිදු කරනු ලැබීය.
අදාළ අමතර කොටස ඇණවුම් කල නිළධාරියා වන සැපයුම් නිළධාරියා එම ස්ථානයට ගෙන්වන ලෙස එහිදී අමාත්‍යයවරයා පැවසීය.ඒ ස්ථානයට පැමිණි සැපයුම් නිළධාරීවරයට අමාත්‍යයවරයා මෙන්ම සේවකයින් පිරිසක්ද චෝදනාවන් සිදු කරනු ලැබීය.ඒ අතරතුර එක් සේවකයකු විසින් එක්වරම සැපයුම් නිළධාරීවරයාගේ කමිසයෙන් ඇද පහරදීමක් සිදු කරනු ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

