සමාගම් පනතට පටහැණි ආකාරයට මූල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොලී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් කෝටි 16 1/2කට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට රුපියල් ලක්ෂ 50 බැගින් වූ කොටස් 20කින් මුදල් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (19දා) නියම කළේය.
නීතිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා පත්‍රයට වරද පිළිගැනීමෙන් අනතුරුව එලෙස නියම කළ විනිසුරුවරයා අදාළ මුදල් ගෙවීමෙන් අනතුරව චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ට දඬුවම් නියම කරන බවද වැඩිදුරටත් දැනුම් දුන්නේය.
2006 සහ 2008 කාලවකවානු අතරතුරදී මූල්‍ය පනතට පටහැණි අන්දමට %සක්විති කන්ට්‍රක්ෂන් හවුස් ප්‍රයිවට් ලිමිටඩ්^ නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි පොලී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් 164,185,000ක මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීම මූල්‍ය පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.
නඩුව කැඳවනු ලැබ අවස්ථාවෙදී විත්තිකාර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අධිකරණයේ පෙනී සිටියහ.
මුලින්ම මෙම සිද්ධියට අදාළව සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙකනුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබු අතර මීට පෙර අවස්ථාවක ඉන් විත්තිකරුවන් 09දෙනෙකු නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කෙරිණි.
සමාගම් පණතට පටහැණි ආකාරයට මූල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොලී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබාගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව කැඳවුනු ලැබූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ගාමිණී අල්විස් සහ රවීන්ද්‍ර සෙනරත් මහත්වරු කරුණු ඉදිරිපත් කරමින් මෙම චෝදනාවන්ට තම සේවාදායකයන් වරද පිළිගන්නේ යැයි පැවසූහ.
තම සේවාදායකයන් අගතියට පත් පාර්ශ්වය සමග ඇති කරගත් එකඟතාවට අනුව අදාළ මුදලින් 60෴ක මුදලක් ගෙවීමට කැමැත්ත පළ කර ඇතැයි දැනුම් දුන් නීතිඥවරු, එම මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දම්තිනී ද සිල්වා මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් තමන්ටද ඒ බව දැනුම්දී ඇතැයි පැවසීය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය කළ විනිසුරුවරයා, වාරිකව මෙම මුදල් අධිකරණයේ තැන්පත් කිරීමට නියම කළේය.
අධිකරණයේදී ගෙවීමට පොරොන්දු වූ වාරිකවලින් මුල් වාරිකය අද (19දා) දිනයේදීම අධිකරණයේ තැන්පත් කිරීමට පියවර ගන්නා බව විත්තිකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම්දුන්හ.
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දම්තිනී ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ නීතිඥ රවීන්ද්‍ර සෙනරත් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නීතිඥ ගාමිණී අල්විස් මහතා පෙනී සිටියේය.
