මෙරට තුළ පළාත් 09ම අවාරණය වන පරිදි අවුරුදු 05ට අඩු ළමයින් සහ කාන්තාවන් ලක්ෂ 10ට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ඒ අනුව පළාත් 09 තුළ අවුරුදු 05 අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 300,746ක් සහ කාන්තාවන් 671,142ක් ලෙස දිවයින පුරා 971,888ක් සිටින බව අනාවරණය විය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (19දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්රිය හේරත් මහතා මේ සම්බන්ධයෙන් වන ප්රශ්නය යොමුකර තිබූ අතර, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සභාගත කළ පිළිතුරේ මේ බව සඳහන් කර තිබේ.
මෙහිදී වැඩිම පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන පළාත බස්නාහිර පළාත වන අතර, බස්නාහිර පළාතේ අවුරුදු 05 අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 85,847ක් සහ කාන්තාවන් 196,197ක් සිටින බවද අමාත්‍යවරයාගේ පිළිතුරේ සඳහන් කර තිබේ.
මධ්‍යම පළාතේ අවුරුදු 05 අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 30,393ක්ද, කාන්තාවන් 126,976ක්ද සිටින අතර, දකුණු පළාතේ අවුරුදු 05ට අඩු ළමයින් 37,032ක් සහ කාන්තාවන් 79,254ක් සිටියි.
මේ අතර උතුරු පළාතේ ළමයින් 17,904ක් සහ කාන්තාවන් 20,883ක්ද මන්දපෝෂණයෙන් පෙළෙන අතර, නැගෙනහිර පළාතේ ළමයින් 27,280ක් සහ කාන්තාවන් 39,631ක් සිටින බව අනාවරණය වී ඇත.
එමෙන්ම වයඹ පළාතේ ළමයින් 47,765ක් සහ කාන්තාවන් 68,763ක් මන්දපෝෂණයෙන් පෙළෙන අතර, කාන්තාවන් 68,763ක්ද, උතුරු මැද පළාතේ ළමයින් 19,067ක් සහ කාන්තාවන් 38,869ක්ද මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මීට අමතරව ඌව පළාතේ අවුරුදු 05 අඩු ළමයින් 18,278ක් සහ කාන්තාවන් 46,175 මන්දපෝෂණයෙන් පෙළෙන අතර, සබරගමුව පළාතේ ළමයින් 17,180ක් සහ කාන්තාවන් 54,394ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවද මෙහිදී අනාවරණය විය.
මෙහිදී මන්දපෝෂණය පාලනය කිරීම සඳහා ළදරු ළමා වර්ධන තත්ත්වය ඇගයීම හා ප්‍රවර්ධනය කිරීම මෙන්ම මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර තිබේ.
මීට අමතරව උග්‍ර තීව්ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා පෝෂණ පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.