බදුල්ල මහනුවර යා කරමින් අතීතයේ කුමාරසිංහ රජතුමා ගමන් කළ බව කියන රජ මාවත නැවත ප්රතිසංස්කරණය කිරීමට පසුගිය අයවැයෙන් මිලියන 585ක මුදලක් වෙන් කිරීමත් සමග එහි වැඩ මේ වන විටත් ආරම්භ කර තිබේ.
පසුගිය කාලයේ පැවති රජයන් කිහිපයකින්ම වසර ගණනනාවක් තිස්සේ මෙම මාර්ගය ප්රතිසංස්කරණය කිරීම සදහා මාර්ගයට මුල් ගල් තැබුවත් වැඩ ආරම්භ කළත් එම ඉදිකිරීම් අතරමග නැවතී ඇත,
පළමුවෙන්ම හාලිඇල- ඌවපරණගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සම්බන්ධ කරන මාර්ගයේ තිබෙන උමා ඔය හරහා රජකාලයේදී පවා තිබු බව කියන හළඹ ගම්මානයේ තිබෙන අබලන්ව තිබෙන කුඩා පාලම් දෙක ප්රතිසංස්කරණය කිරීමට කටයුතු කර තිබේ,
මෙම පාලම් දෙක ප්රතිසංස්කරණය කිරීමෙන් පසු දැනට කිලෝමීටර් 110ක් පමණ දුරක් ගෙවා ජනතාව බදුල්ල -උවපරණගම අතර තිබෙන දුර කිලෝමීටර් 30කින් පමණ ගමණ යාමට හැකි බව ජනතාව කියයි,
මේ වන විටත් හාලිඇල ඌවපරණගම ප්රාදේශිය ලේකම් කොට්ඨාශ හරහා මහනුවර රජ මාවතේ ඇතැම් ප්රදේශ ඝණ කැළැවෙන් වැසී තිබෙන අතර ජනතාව අඩි පාරවල් දිගේ ඌව පරණගම -හාලිඇල අතර ගමන් කරති,
මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු පිළිබදව නිරීක්ෂණ චාරිකවට ගිය වාරය හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා සහ ඌව ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා කියා සිටියේ ඉදිරි දින කිහිපයේදි උත්සව නොතියාම මාර්ගයේ වැඩ ආරම්භ කර වසරක කාලයක් ඇතුලත මෙම මාර්ගය ප්රතිසංස්කරණය කිරීමට රජය කටයුතු කරන බවයි'
ලුණූගල ප්රසන්න පත්මසිරි,
