saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 4243 hours ago

LATEST

රජයේ වියදම් තවදුරටත් සීමා කරගත යුතුයි

calendar_today 2023 ජන 31 - 14:50 remove_red_eye - 287  

දැනට රජයේ ආදායම 2023 ජනවාරි මාසය සඳහා වන මාසික වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බැවින් රජයේ වියදම් තවදුරටත් සීමා කරගත යුතු බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල සටහනක් තබමින් පෙන්වා දී තිබේ.

කුලියාපිටිය මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ 44ක් හා අන්නාසි ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබේ.

Read More

පාසල් නිල ඇඳුම් නියමිත කාලයේදී ලබාදෙන බවත් එම නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 70% ක් පමණ ප්‍රමාණයක් චීන ජනරජයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන අතර එහි පළමු තොගය මේ වන විටත් ලංකාවට ලැබී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවන් වූ චන්දික හතුරුසිංහ හා මිකී ආතර්ට ඔවුන් ඊට පෙර ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කළ කණ්ඩායම් වලම තනතුරු ලැබීමට නියමිත බව වාර්තා වේ.

Read More

’’මම දන්නා පරිදි කතෝලික ජනතාවට කිසිසේත්ම මම ගැන වෛරයක් හෝ ක්‍රෝධයක් නෑ. අවුරුදු 15-16 මම බයිබලය කියවපු විදිහට විශේෂයෙන්ම මගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දි ගෙවන්න සිදුවෙලා තිබීම පිළිබඳවත් ප්‍රධාන වශයෙන්ම මියගිය ජනතාව හා අත්පා කැඩිලා එකතැන් වෙලා සිටින ජනතාව වෙනුවෙනුත් මම දෙවියන්වහන්සේ වෙනුවෙනුත් මගේ කාලයේ එවැනි සිදුවීමක් වීම පිළිබදව මම සමාව ඉල්ලා සිටිනවා.

Read More

’’මම මේ කිසි දේකින පස්සට යන මිනිහෙක් නෙමෙයි. මොන කුමන්ත්‍රණ කළත් මම බය වෙන්නෙ නෑ. මම නීතියට ගරු කරනවා, අධිකරණයට හිස නමනවා. හැබැයි නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය කියවපු මිනිහෙක්. මේ මොන දෙ තිබුණත් මම මගේ පක්ෂයේ සහයෝගය අරගෙන ඉදිරි ජනපතිවරණයට තරග කරන බව මම කියනවා.’’

Read More

මැතිවරණය ගැන හෝ මැතිවරණ කල් දැමීමක් ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්නොවූ බවත් මැතිවරණය කල් දමන උපාය මාර්ග ගන්නා ලෙස ජනපතිවරයා ජනපති මාධ්‍ය අංශයට උදෙස් දී නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

Read More

කැස්බෑව ප්‍රදේශයේ තෙමහල් හෝටලයක ඉහළ කොටසේ සිට බිමට වැටී අද (31දා) අළුයම හෝටලයේ මුදල් අයකැමි වරයා මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය සඳහන් කරයි.

Read More

පූනෑව නාවික හමුදා කඳවුරේ කැප්ටන් වරයෙකු ලෙස ව්‍යාජ රංගනයක යෙදී, කදවුර තුළ ඇති ඩීසල් සහ එන්ජින් ඔයිල් තොගයක් අඩු මිලට දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ විස්සක් රැගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනකු ඊයේ (30 දා) දහවල් අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසයි.

Read More

මෙම බද්ද අනුව ඇතැම් අපනයනකරුවන්ට හා ඉතා කුඩා ලාභාංතිකයක් සහිතව මෙන්ම විශේෂයෙන්ම විදේශීය විනිමය උපයන ක්‍රියාකාරකම් සම්බන්ධ පුද්ගලයන් මෙම අනුපාතිකය ගෙවා දැමුවහොත් තම ව්‍යාපර පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්වෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.

Read More

තියුණු ආයුධයකින් ලිංගික අවයවය කැපීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු අද (31දා) දහවල් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත යවා ඇතැයි පොලිසිය පවසයි.

Read More

බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතයට අදාළව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලිය බිඳ වැටීම්වලදී විදුලි අවශ්‍යතාව උපරිම අවස්ථාවලදි අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම වෙනුවෙන් විදුලිය ගබඩා කර තබා ගැනීමේ පද්ධතියක් ඉදිරිපත් කිරීමට අදාළව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

බිත්තර ආනයනය කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණවන පුද්ගලයන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වෙත උපදෙස් දී තිබේ.

Read More

වියදම් කළමනාකරණය කිරීම සඳහා සෑම අමාත්‍යාංශයකම ලේකම්වරු වගකීමට බැදී සිටිනවා. ලේකම්වරු ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා වියදම් හැකිතාක් පාලනය කරලා මේ අමාරු අවස්ථාවේදි කෙටිකාලීන වශයෙන් තියෙන දරුණු අර්බුදයට මුහුණ දෙන්න.

Read More

2023 නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා දේශාභිමානි සම්මානය දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත පිරිනැමීම සඳහා වන යොජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

ඒ අනුවජාතික පාසල් 374, රාජ්‍ය විශ්වවිද්‍යාල 25, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20, ගුරු අභ්‍යාස විද්‍යාල 8, කාර්මික විද්‍යාල 20 (VTA/NAITA), දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25, ප්‍රා දේශීය ලේකම් කාර්යාල 331, ITDLH අධ්‍යාපන මධ්‍යස්ථාන 79ක්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ගොඩනැගිලි 220ක්, පිරිවෙන් 824ක්, අනෙකුත් ආගමික ආයතන 9176ක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහිදී 5kv සූර්බ බල පද්ධති ලබාදීමට නියමිතය.

Read More

දේශපාලන පක්ෂ ප්‍රචාරණයක් වෙනුවෙන් තමන්ගේ ඡායාරූප භාවිත කර ඇති බවට තමා දුටු බවත් තමන් කිසිම පක්ෂයකට සම්බන්ධ නැති බවත් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

රජයට අයත් කිසිම රාජ්‍ය ආයතනයක් වසා දැමීමට තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ව්‍යවස්ථාදායක සභාවේ රහස්‍ය භාවය රැකීමට පොරොන්දු වුවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරන ව්‍යවස්ථාදායක සභාවේ අනීතික ක්‍රියා අනුමත කළ නොහැකි හෙයින් එම තීරණ ජනතාව හමුවේ හෙළි කරන බවද විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

Read More

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ බදු බර අඩු කිරීමට කටයුතු කරන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. හරි ටීවී යූටියුබ් නාළිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

නැගෙනහිර පළාතේ සමහර ප්‍රදේශවල වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවත්, එහෙත් වී මිලදී ගැනීමට රට තුළ කිසිදු වැඩපිළිවෙළක් තවමත් සකස් කර නොමැති බවත් ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

Read More

විදුලි බිල වැඩි කිරීමක් සිදුකළහොත් අනිවාර්යයෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතය තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන ජාත්‍යන්තර සැලකිල්ලේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ.

Read More

කොළඹ බලා දිවෙන මගී බස් රථයක් අද (30දා) හපුතලේ බෙරගල අතර මාර්ගයේදී තිරිංග ක්‍රියාවිරහිත වීමත් සමග ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය මාර්ගය අයිනේ ඇති ජලය බැස්සවීම වෙනුවෙන් සකස් කළ කොන්ක්‍රීට් කාණුවකට අල්ලා නතර කර පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට එහි රියදුරු සමත්වූ බව පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මඟ පෙන්වීම් අනුව කටයුතු කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි. මෙම ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සඳහා මේ වසරේ වෙන කර ඇති මුදල රුපියල් මිලියන 457 කි. ව්‍යාපෘතියේ වැඩකටයුතු 99%කින් මේ වන විට අවසන් ව තිබේ.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාළ පරීක්ෂණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර කඩිනමින් සිදු කරන ලෙස ඉල්ලමින් පැෆ්රල් සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.