කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ වැඩ වසන මහා සංඝයා වහන්සේලාට තම මාසික සලාක දානය අඩු වියදමෙන් සරලව සකස් කර පූජා කරන මෙන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව විහාරාධිපති, අතිපූජ්‍ය කොබවක ධම්මින්ද හිමියෝ දායකයන්ගෙන් ඉල්ලා සිටිති.
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.
Read Moreසැමට සමාන සංවර්ධනයක් ගෙනඒමට අපේක්ෂා කරන ගෝලීය දකුණු-දකුණු සහයෝගීතාවයට පහර දෙන අතරම, අප්‍රිකාවේ චීනය විසින් මෙහෙයවනු ලබන ’’ණය-උගුලක්’’ යන එක්සත් ජනපද චෝදනාව යෙලන් විසින්ද ඉදිරිපත් කළ බව චීන මාධ්‍ය පවසයි.
Read Moreහික්කඩුව නගරයේ ඉදිකෙරුණු බස් නැවතුම්පොළ හා පොදු වැසිකිලිය විවෘත කිරීමේ උත්සවය නතර කිරීමට මැතිවරණ කොමිසන් සභාව ඊයේ (29)පියවර ගත්තේය.
Read Moreඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී ’’ උඹලා වතුර කැපුවාට මදිවට, බිලත් දෙන්නත් එනවද යකෝ’’ යැයි ආවේගශීලීව කෑගැසූ නිවෙස් හිමියා ආදායම් සහකාර වරයාට පා පහරක් එල්ල කර අත දරා සිටි ජල බිල්පත් තොගය උදුරාගෙන වතුර බැරලයකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව මහරගම පොලිසිය පවසයි
Read Moreගිනි ගැනීම හේතුවෙන් මුහුදුබත් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර රැගෙනයාමේ කටයුතු චීනයේ ෂැන්හයි සෙල්වේජ් ආයතනය මගින් මේ වන විට සිදු කරනු ලබයි.
Read Moreමෙවර පහ වසර ශිෂයත්ව විභාගයෙන් කොළඹ ආනන්ද විදුහලේ දිනුත් දින්සර නන්දසිරි හා සනුත් දින්සර නන්දසිරි නිවුන් සොහොයුරන් සම ලකුණු ලබා එම විභාගය ඉහලින්ම සමත්වී තිබීම විශේෂයෙන්ම කැපීපෙනේ.
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30දා) වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
Read Moreපළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් දැන්වීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (30) දිනයේ රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreඅනුරාධපුර-යාපනය අලුතින් ඉදිවන දුම්රිය මාර්ගයෙ ඉදිකිරීම් වල නිරත වු කම්කරුවෙකු ජේ.සී.බී යන්ත්‍රයකට යටවීමෙන් බරපතළ තුවාල ලබා මැදවච්චිය රෝහලට රැගෙන යන අතරතුරදී ඊයේ (29දා) සවස මියගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවයක් පැවැත්විය යුතුද නැත්ද යන්න සම්බන්ධයෙන් සමාජය තුළ කථා බහක් නිර්මාණය වී ඇති අවස්ථාවක ජාතික නිදහස් දින උත්සවයක් අවලංගු කර එම මුදල් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පහසුව වෙනුවෙන් නේවාසිකාගාර ඉදිකිරීමට වෙන්කළ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වෙයි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන රැස්වීම අද (30) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දි මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.
Read Moreවිශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා බවට සැක සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තරුණයන් හයදෙනකු අධික බීමතින් මහනුවර නගරයේ සිටියදී අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු, පළතුරු හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල අද (30 දා) වන විට විශාල වශයෙන් පහත වැටී ඇති බව වෙළෙන්දෝ පවසති.
Read Moreපාර්ලිමේන්තුව අවට වීඩියෝ දර්ශන ගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි
Read Moreවිදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට තම විෂය ක්ෂේත්‍රය පිළිබදව අවබෝධයක් නොමැති බවත්, තමන්ට එන ඕනෑම අභියෝගයක් භාර ගන්නා බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.
Read Moreපුල්මුඩේ පොලිස්වසමට අයත් පාලම්කුලම් වෙල්යායේදි කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් නිසා දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර ඇත.
Read Moreමාස දහයක් වයසැති බිළිදියකෙට අතවර කිරිම සම්බන්ධයෙන් සැකපිට එම බිළිදියගේ පියා ඊයේ (28) අත්අඩංගුවට ගත්බැව් පෝද්දල පොලිසිය පවසයි
Read Moreප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා ඊයේ (29දා) අභාවප්‍රාප්ත විය. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ඔහු මියයන විට 81 හැවිරිදි වියෙහි පසු විය.
Read Moreදිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමේ හැකියාවක් හෙට දිනයේ සිට බලාපොරොතතුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව ජනවාරි 31 හා පෙබරවාරි 1 යන දිනවල දිවයිනෙ තැනින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජාතික නිදහස් දින උත්සවය සැමරිමට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා සේම පළාත් පාලන මැතිවරණයත් පැවැත්විමට මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා රජයෙන් ඉල්ලා සිටියි.
Read Moreකළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන්වහන්සේලා දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ දෙනමක් රෝහල් ගතකර ඇතැයි කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශයකයෙක් පැවසීය.
Read Moreපළාත් පාලන මැතිවරණය ක්‍රියාවලිය ආරම්භ කිරිම සඳහා අවශ්‍ය ගැසට් නිවේදය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමුකර නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා නිවේදනය කරයි.
Read Moreවසර දහයකට පමණ පෙරදී ආරම්භ කළ රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සම්පුර්ණයෙන් ම නතරකිරිමට ගත් පියවර වෙනස් කර එය මුදල් තත්ත්වය යහපත්වු පසු යළි ආරම්භ කිරීමට සුදුසු යැයි රජයට යෝජනා කිරීමට රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධිකරණ කමිටු යෝජනාවක් පසුගිය 27දා පැවති රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ කමිටු රුස්වීමේ දී තීරණය විය.
Read Moreවී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු විවිධ තනතුරු දරණ නිලධාරින් 19 දෙනෙකු ඉකුත් වසර 07ක කාලය තුළ දී විනය විරෝධි කරුණු මත අනිවාර්ය නිවාඩු යැවිම් සහ වැඩතහනමකට ලක්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
Read Moreදැනට තාවකාලිකව බර වාහන ධාවනය නවතා දමා ඇති නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගය කොටස යළි බර වාහන ධාවනය කිරීම සඳහා අවසර දෙන ලෙස නුවරඑළියේ බස් රථ සංගම් ඉල්ලා සිටිති.
Read More2022/23 මහ කන්නයේ දී කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 16,000ක් වෙන් කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.
Read Moreමහරගම නගර සභාවේ සභාපතිවරයාගේ මහතාගේ නිළ රථයේ රෝද හතරට තියුණු ආයුධයකින් පහර දී බරපතළ හානි සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය පවසයි.
Read Moreසුව කරන්න බැරි රෝග වලට මෙතෙක් සොයාගෙන නොමැති බෙහෙත් වර්ග අලුතින් සොයාගෙන ඒ අසරණ රෝගීන් සුවපත් කරන වෛද්‍යවරයකු වීම අනාගතයේදී තම එකම බලාපොරොත්තුව බව මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය අනූ අටක් ලබා දිවයිනේ ප්‍රථම ස්ථනය දිනූ පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉඩංගොඩගේ චෙනිත නෙත්දිනු පෙරේරා සිසුවා පැවසීය.
Read Moreරටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
Read More