අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පුණ්‍යෝත්සවය පැවැත්විණි.
අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඅඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ විෂයභාර අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙත ලබාදීමට යෝජිත විස්තීර්ණ මූල්‍ය පහසුකම සදහා අවශ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් චීනය ශ්‍රී ලංකාව වෙත ලබාදුන් ණය සහනය ප්‍රමාණවත් නොවන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreඋත්තර ලංකා සභාගයෙන් ලංකා සම සමාජ පක්ෂය ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය. අද 28 වනදා මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.
Read Moreතව මාස දෙකකින් රටේ බංකොලොත්භාවය සමුලින්ම දුරුවෙන බව අමාතය මනූෂ නානායක්කාර මහතා අද (28) කරන්දෙනියේදී කීවේය.
Read Moreදිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සහා අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreමේ සදහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා ප්‍රායෝගිකව වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බවත්, ඊට අනුගතව වියදම් අවම කර ගනිමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. 75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාව තුළ දැවැන්ත විරෝධයක් පවතින බව සිහිපත් කළ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ඒ කෙරෙහිද දැඩි අවධාන
Read Moreජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreනව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය ඊයේ (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත.
Read Moreපෙබරවාරි 4 දා පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයත්, එයට පෙර පැවැත්වෙන නිදහස් උත්සව පෙරහුරු දින වලදීත් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreවිදුලිබල මණ්ඩලය වැනි උපායමාර්ගිකව වැදගත් ආර්ථික මර්මස්ථානයක් කෑලි කඩා විකුණන් කෑමට හෝ 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසිදු ජනවරමක් ලැබී නැති බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය වශයෙන් කටයුතු කරනු ලබන ගරු ජූලි ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී පවත්වා තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේදී පසුගියදා විවාදයට ගෙන සම්මත වූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය පසුගියදා (24දා) සටහන් කළේය.
Read Moreදියවන්නා ඔයේ මාලු ඇල්ලීමට ගොස් ඔරුව පෙරලීමෙන් අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර අද (27දා) සොයා ගත් බව තලංගම පොලිසිය පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීමට අදාළ නඩුව විභාග වන අවස්ථාවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (27දා) අවවාද කළේය.
Read Moreපාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (27දා) රාත්‍රියේ නිකුත් කෙරෙනු ඇති බව වාර්තා වේ.
Read More75 වෙනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ජනතාවට උනන්දුවක් ඇති බවක් නොපෙනෙන බව නිදහස් සමරු භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයෝ පවසති.
Read Moreඅනුරාධපුර අටමස්ථානාධිපති පදවිය සදහා අභිනවයෙන් තේරී පත් වී ඇති නාහිමියන්ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සදහා තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේලා ඇතුළු ගිහි දායක දායිකාවන් 28 දෙනෙකු අද (27දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read More’’අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නැයි’’ පවසමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (27දා) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවිය.
Read Moreඋතුරු නැගෙනහිර පළාත් වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල ද පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුක්ත කර ඇති ආරක්ෂක හමුදා නිලධාරීන්අවශ්‍යතාවයන්ට අනුරූප පරිදි එකී සිද්ධස්ථාන ආශ්‍රයෙහි යෙදවීම යෝග්‍ය බවත් එසේම උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශයන්හි සුරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යන ලෙසත් දන්වමින්ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ල
Read Moreයාපනය මිරුසවිල් ප්‍රදේශයේදී සිදුවූ අනතුරක් අතර පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් ඊයේ (26දා) මියගොස් ඇතැයි කොඩිකාමම් පොලීසිය පවසයි.
Read Moreඅරගලකරුවන් ගිනි තබා විනාශ කළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල කාර්යාලය යළි මහජන සේවය සඳහා විවෘත කිරීම අද (27දා) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read More“ළමයින්ගේ පමණක් නොව දෙමාපියන්ගේත් විභාගයක් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඇවිල්ලා. ශිෂ්‍යත්ව විභාගය වැදගත් විභාගයක් තමයි. නමුත් එහි ප්‍රතිඵල මත පදනම් වෙලා දරුවෝ වර් ගීකරණය කරන්න යන්න එපා” යැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.
Read Moreමහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ක්‍රීඩාංගනයේ ආරක්ෂක නිලධාරියාගේ ඝාතනය ප්‍රේම සම්බන්ධතාවයක් මත සිදු වූ බවට අනාවරණය වී ඇති අතර ඊට සම්බන්ධ සැකකරුමහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඇලයාපත්තුව මහ මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් පිළිස්සී මිය ගිය එකම පවුලේ මවකගේ සහ දරු දෙදෙනෙකුගේ මළ සිරුරු අද (27දා) අළුයම, එම නිවසේ කාමරයක තිබී හමුවූ බවත්, සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇලයාපත්තුව පොලිසිය පවසයි.
Read Moreඅධි පීඩන ජල නලයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. ඊයේ දහවල් කාලයේදී මාවනැල්ල, හෙම්මාතගම ප්‍ර දේශයේදී මාර්ගයක එළා තිබූ ජල නලයක් පුපුරා යාමෙන් තුවාල ලැබූ හෙම්මාතගම පදිංච 68 හැවැරිදි පුද්ගලයෙක් මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More2022 යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් ලිපියක් මෙතෙක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
Read Moreමෙම වර්ෂයේදී ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත කාන්තා පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා කණ්ඩායමක් මිලදී ගත් වැඩිම ලංසුවේ හිමිකරුවා බවට පත්වීමට අදානි ස්පෝට්ලයින් පෞද්ගලික සමාගම සමත්ව ඇත.
Read More