ඵෛතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ආරම්භ කිරීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු විය.
පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
Read Moreමේ වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ චීනය මන්දගාමී වර්ධනයක් අපේක්ෂා කරන බැවින් මෙම වසර 2022 හා සැසදීමේදී දුෂ්කරමය වසරක් වෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා ප්‍රකාශ කළාය.
Read Moreවිදුලිය ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව ඉතාමත් අසාධාරණ බවද එයට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2දා) පැවසීය.
Read Moreඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සේවිකා සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි කාන්තාවන් මුහුණ පා ඇති ගැටළු සහගත තත්ත්වය නිරාකරණය කරමින් ඔවුන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.
Read Moreතන්තිරිමලය පොලීසියේ නිලධාරියෙකු ලබා දුන් ගිනි අවියකින් විල්පත්තුව වනෝද්‍යානය ආසන්නයේ දී වැලි මුවෙකු දඩයම් කර එම සත්වයා ගේ මස් තොගයක් ළභ තබා ගෙන සිටි පුද්ගලයෙකු, ටී 56 ගිනි අවියක්, සහ ජීව උණ්ඩ සහිත මැගසිනයක් සමග ඊයේ (1දා) වනජීවී අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව තන්තිරිමලේ පොලිසිය පවසයි.
Read Moreදුම්රිය සේවකයන්ගේ හිඟය හේතුවෙන් හෙට දිනයේ සිට ඇතැම් කාර්යාල දුම්රිය මන්දගාමීව ධාවනය කිරීමට සිදුවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවැසීය.
Read Moreබදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි ,හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පාලිත රාජපක්ෂ මහතාට මැර ප්‍රහාරයක් එල්ල වීමකට විරෝධය පාමින් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්මණ්ඩලය අද (2දා) දහවල් බදුල්ල මහ රෝහල ඉදිරියේදී නිහඩ විරෝධයක් දැක්වූහ .
Read Moreවිජේරාම 8 කනුව ප්‍රදේශයේ ගරාජයක් තුල මත්පැන් සාදයක් පැවැත්වූ පුද්ගලයන් තිදෙනෙක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙක් මිය ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreවිභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (02දා) උදෑසන වැඩ භාර ගත්තේය.
Read Moreගෙවුණු වර්ෂය ශ්‍රී ලාංකික අපට අභියෝගාත්මක වර්ෂයක් ලෙස සඳහන් කළ හැකිය. කෝවිඩ් වසංගතයේ අඳුරු සෙවණැලි යම් ආකාරයකට පහව යද්දී, ආර්ථික හා දේශපාලන අර්බුදයකින් ජනතාවට පීඩා විඳින්නට සිදුවිය. බලශක්ති අර්බුදයත් සමග අන්ධකාරයේ වෙළෙන්නට වීමත්, ගෑස් හා ඉන්ධන නොමැති වීමෙන් දිගු පෝලිම්වල දුක්විඳින්නට වීමත්, ප්‍රවාහන ගැටලුවලට මුහුණදෙන්නටත් ජනතාවට සිදුවිය.
Read Moreඒ නිසා මම එක කාරණයක් කියන්න කැමතියි. තමන්ගේ වැඩ පැය අටකට සීමා වෙන්නෙ නෑ. තමන්ගේ වැඩ කටයුතු සතියේ දවස් පහකට සීමා වෙන්නේ නෑ. අපි කැපවෙලා වැඩ කරමු, සාමාන්‍ය තත්ත්වයක් ඇති කරමු. ඔබ සියලු දෙනාගේම සහයෝගයෙන් රට ඉදිරියට ගෙනි යන්න බලාපොරොත්තු වෙනවා.
Read Moreවසරේ පළමු දිනයේම යාපනයේ සිට දඹුල්ලට ගෙනැවිත් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශ්යේදී නිවසක වලදමා තිබූ කේරළ ගංජා කිලෝ 5 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු ඊයේ (01දා) අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.පවසයි.
Read Moreයාපනය නවගිරි ප්‍රදේශයේ පිහිටි එළු පට්ටියකදී දෙඇස් අමුතු පිහිටීමකින් යුතු එළුපැටවකු ප්‍රසූත කර ඇතැයි වාර්ථා වෙයි. මෙම එළු පැටවාගේ දෙඇස් සාමාන්‍ය අයුරින් එළුවන්ගේ තිබිය යුතු ස්ථානයේ පිහිටා නොමැති අතර මෙම එළුපැටවාගේ දෙඇස් පිහිටා ඇත්තේ නලලේ බවට එළුපට්ටියේ හිමකරු විසින් පෙන්වා දෙයි.
Read Moreනව භාණ්ඩ වර්ග 142 ක් සඳහා ජනවාරි 01 සිට රේගු සංකේතාංක (HS Codes) හදුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreදිවයිනේ ස්ථාන තුනක ඊයේ දිනයේදී සිදුවූ දිය අනතුරු තුනකින් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreදුම්රිය දෙපාර්තුමේන්තුව පෞද්ගලික අංශය සමග එක් වි නියමු ව්‍යාපෘතියක් වශයෙන් නානුඔය සිට කොළඹ දක්වා එලවළු ප්‍රවාහනය කරන දුම්රියේ මැදිරි කිහිපයක් වායු සමිකරණය කර එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනිමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට ඊයේ (01) දින පැවසු බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreනව වසරේ දෙවැනි දිනය වන අද දිනයේ කොලඹට ඇතුළු වන ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවතිනු ඇතැයි වාර්තා වෙයි.
Read Moreරිය අනතුරකට ලක්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට්ට මාස 6 ක පමණ කාළයක්වත් අවම ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පාන්ට්ගේ තුවාල සුවවන කාළය අනුව එය ඊටත් වඩා වැඩිවනු ඇති බවයි.
Read Moreවිදුලි බිල වැඩි කල අවස්තාවේ එම විදුලි බිල්පත් ගෙවිමට නොහැකිව සිටි පාරිභෝගිකයන්ගේ විදුලි සම්බන්ධතාවය විසන්ධි කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ අවස්තාවේ කන කර උකස් කර විදුලි බිල්පත් පාරිභෝගිකයන් විසින් ගෙවා ඇති බව කඳුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.
Read Moreමාතර කොටුවේගොඩ මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු අද (01) සවස මුහුදේ ගසා ගෙන ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඋද්ධමනය අඩු කොට පොලී අනුපාතය පහළ දැමීම ලැබුවා වූ වසරේ ප්‍රධාන අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Read Moreරජයේ ආයතන විවිධ උත්සව සඳහා සිදුකරන වියදම් අත්හිටුවන ලෙස ලබාදුන් නියෝගය ලබන වසර දක්වාම බලපැවැත්වෙන බව දන්වමින් මුදල් අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreඋදා වූ 2023 වර්ෂයේදී ’සහල් ඇටයක්’ හෝ විදේශයෙන් ආනයනය කිරීමට සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreදහම් පාසල් අධ්‍යාපනයට බාධක රැසක් ඇති බවත් දහම් පාසල් ගුරු පරමාදර්ශී සිද්ධාන්තය තුළ ඒ බාධක ඉවත්කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙසින් එංගලන්ත ජාතික ක්‍රිස් ක්ලාක් පත් කොට ඇත. ඒ අද (01) සිටයි. ඔහු වසර දෙකක කාළ්යක් සඳහා මෙම ධූරයේ කටයුතු කරනබව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreවිදුලි ගාස්තු වැඩිවීමේ යෝජනාවෙන් අපේක්ෂිත මුලු ආදායමෙන් රුපියල් බිලියන 100ක් පමණ අය කර ගැනීමට අපේක්ෂා කරන්නේ ඒකක 90ට අඩුවෙන් භාවිත කරන ඒකකවලින් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
Read Moreමෑත ඉතිහාසයේ දින දර්ශන සහ දිනපොත් ඉතා සිමිත ප්‍රමාණයක් පමණක් මුද්‍රණය කල වසර 2023 වසර බව දින දර්ශන සහ දිනපොත් මුද්‍රණකරුවන් කියා සිටියි.
Read Moreගාස්තු වැඩිවීමත් සමග විදුලි පරිභෝජනය සියයට 15කින් පමණ අඩුව ඇති බව මහජන උපයෝගීතා කොමිෂයේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
Read Moreකලාකරුවන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ව්‍යාපෘති පහක් යටතේ නිවාස ඒකක 1,996ක ඉදිකිරීම් කටයුතු මෙම වසර මුලදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. මෙම නිවාස ඉදිකෙරෙන්නේ චීන රජයේ ණය ආධාර වැඩසටහන යටතේයි. චීන රජය යුවාන් මිලියන 552ක ණය ආධාර මුදලක් ප්‍රදානය කරන අතර ඒ සඳහා වන ගිවිසුම පසුගිය වසරේ ජනවාරි 9 වැනිදා අත්සන් තබා ඇත.
Read More