ඉන්ධන මිල සූත්රය අනුව ඉන්ධන මිල ගණනය කිරීමේදී ලීටරයක පිිරිවැයෙන් සියයට 4ක ලාභයක් තබා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයකින් රු 13.64, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයකින් රු 14.39 , සුපිරි ඩීසල් ලීටරයකින් රු 13.76, ඔටෝ ඩීසල් ලීටරයකින් රු 12.61 ලාභාංතිකයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තබාගෙන තිබේ.
කෙසේ වෙතත් භූමිතෙල් ලීටරයකින් සංස්ථාව එවැනි ලාභාංතියක් තබාගෙන නොමැත.
මීට අමතරව ඉන්ධන වලට රජය විශාල බද්ධක් අය කරන අතර එම බදු ප්රමාණය පිළිවෙළින් ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයකින් රු 102.26, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයකින් රු 123.31 , සුපිරි ඩීසල් ලීටරයකින් රු 98.94, ඔටෝ ඩීසල් ලීටරයකින් රු 76.05ක් හා භූමිතෙල් ලීටරයකින් රු. 2.81ක් ලෙස රජය බදු අයකරනු ලබයි.