බදුල්ල නාරංගල කදුවැටියේ ඉකුත් 28 සහ 29 යන දින දෙකක් තුල සිදුවු ගිනි තැබිම් වලින් පරිසරයට විශාල හානියක් සිදුව ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිමේෂා වනසිංහ මහත්මිය පැවසීය.
කඳුමුදුනේ ඇති මානා ඇතුළු තෘන විශේෂයන්හි පැතිරගිය ගින්න ස්වාභාවික වන තීරය දක්වාම ව්‍යාප්තව විශාල විනාශයක් සිදුව ඇතැයිද වනසිංහ මහත්මිය සඳහන්කළාය .
අද 02 වැනිදා අළුයම් කාලයේද සුළු වශයෙන් ගින්න පැවැති බව ප්රදේශවාසිහු පැවසූහ.
ප්‍රථම දිනයේ ගින්න නිවා දමා කොටසක් බේරාගත් නමුත් දෙවැනි දිනයේ යළි ගිනි තැබිමක් නිසා බේරාගත් කොටසටද ගින්න ව්‍යාප්තව තිබූ බවත් සදහන් කළ වනසිංහ මහත්මිය මෙය කිසිවෙකු විසින් කරන ලද ගිනි තැබීමක් යැයි සැකකරන බවද අවධාරණය කළාය
මෙම කදුමුදුනේ උස මීටර්1527 කි . සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය අයත්ව (සාර්නියා )කීණකැලේ තේ වත්ත ආශ්‍රිතව පිහිටි නාරංගල , කඳු නගින්නන් , සොබාවික දසුන් සොයාඑන සංචාරකයන් , හා පරිසරවේදීන් අතර ඉතා ආකර්ශනීය සංවේදී කදුවැටියකි .
මෙම කදුවැටිය වටා ඇති කදුවළල්ල නමුනුකුළ කඳුවැටිය, මඩොල්සිම කඳුවැටිය , පූනාගල කඳුවැටිය ,ඉදල්ගස්හින්න නායබැද්කන්ද ඇතුළු මනරම් කඳු වලින් සමන්විතය.
හිරුපායන විට රන්පැහැ කිරණ විහිදෙන පරිසරයකි .වරෙක මීදුමින් වැසී යයි . වලාකුළු ඉතා ලගින්ම පාවීයන අවස්ථා දැකියහැකි බව පරිසරවේදියෝ කියති . වරින් වර විවිධ පැහැ ගන්වමින් හැඩවන පරිසරය සැතපුම් සිය ගනනක දසුන් නෙත අභයස මවාපාන්නේ සොදුරු සිතුවිලි මතුකරමිනි.
හිරුඋදාව නැරඹිමට එන අය මෙම කදුමුදුනේ කූඩාරම් අටවාගෙන රැය පහන් කිරීමට කටයුතු කරති.
