පොලිස් ස්ථාන 607න් 121ක්ම පෞද්ගලික ගොඩනැගිලිවල , වාර්ෂික කුලිය රු. කෝටිය ඉක්මවයි
දිවයින පුරා පොලිස් ස්ථාන 607ක් ඇති අතර ඉන් 121ක්ම පවත්වාගෙන යනු ලබන්නේ කුලී පදනම මත ගත් පෞද්ගලික ගොඩනැගිලිවල බව අණාවරණය වෙයි.
කුලී පදනමට ගත් ගොඩනැගිලිවල පොලිස් ස්ථාන පවත්වාගෙන යාම වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් කෝටි 11ක මුදලක් වැය කරන බව පොලිස් කළමනාකරණ කොට්ඨාසයේ දත්ත අනාවරණය කරයි.
මෙම පොලිස් ස්ථාන අතරින් වැඩිම සංඛ්‍යාවක් පහිටුවා ඇත්තේ බස්නාහිර පළාතේය. එම පුද්ගලික ගොඩනැගිලිවලට අයත් පොලිස් ස්ථාන වෙනුවෙන් මාසිකම රුපියල් මිලියන 4.9ක් ගෙවනු ලබයි.
උතුරු පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් 2,94,000 ද නැගෙනහිර පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් 2,33,000ක් ද වයඹ පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ හතක් ද සබරගමුව පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ අටක් ද මධ්‍යම පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ නවයක් ද ඌව පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක් ද සහ දකුණු පළාතේ පොලිස් ස්ථාන වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක් ද වශයෙන් මාසිකව කුලී මුදල් ගෙවන බව එහි සඳහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

