ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පෙරියකුලම් පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ දැනට සිදුකරණ ඉදිකිරිම් හා සුද්ධ පවිත්‍ර කිරිම් තාවකාලිකව නවත්වන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා කල නියෝගයක් ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම්වරයා විසින් විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ ශීලවංශතිස්ස හිමියන් වෙත දැනුම් දි ඇතැයි විහාරාධිකාරි ත්‍රිකුණාමලයේ සුඛිත වංශතිස්ස හිමියෝ පැවසුහ.
ඉකුත් 08දා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් මහතා නැගෙනහිර ආණ්ඩුකාර අමතා දුරකථනයෙන් ලබාදුන් උපදෙස් අනුව ප්‍රාදේශිය ලේකම්වරයා විසින් මෙම කටයුතු නවතාලන ලෙස ලිඛිතව දැනුම් දි තිබේ.
බොරලුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු අවට ජනතාවගේ දැඩි විරෝධය හේතුවෙන් තාවකාලිකව නතර කරන ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් මහතා හා ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ දුරකථන ඇමතුමෙන් ලද වාචික උපදෙස් පරිදි මෙම එළි පෙහෙලි කිරිම් හා ඉදිකිරිම් තාවකාලිකව නතර කරන ලෙස ප්‍රාදේශීය ලේකම් පොන්නයියා ධනේෂ්වරන් මහතා එවා ඇති ලිඛිත නියෝගයේ දැක්වේ.
අදාල නියෝගයේ පිටපත් ආණ්ඩුකාර ලේකම්, දිසාපති, ත්‍රිකුණාමල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි, නිලාවේලි පොලිස් ස්ථානාධිපති, ඉලුප්පුකුලම් ග්රාමනිලධාරි වෙත යවා තිබේ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජිව



