මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර පැවැත්වීමේ දී ශ්‍රී දළදා මාලිගාව ඇතුළු සිව් මහා දේවාලයන්ට පැන නැගී තිබුණු විදුලි බිල සම්බන්ධ ගැටලුව රජය මැදිහත්වී විසඳූ බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි .
දියවඩන නිලමේ වරයා ඒ බව පවසා සිටියේ අද (10) සවස දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී පැවති ඇසළ පෙරහැර කමිටු රැස්වීමේදීය .
ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වීමට පෙර දළදා මාලිගාව ඇතුළු සිව් මහා දේවාලයන්ට විදුලි බල මණ්ඩලය මගින් ලබාදෙන විදුලිය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් හතර ලක්ෂයක විදුලි බිලක් ගෙවන ලෙසමීට පෙර විදුලිබල මණ්ඩලය විසින්දන්වා එවා තිබුණි .
මෙවර ඓතිහාසික දළදා පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5500 ක නිලධාරීන් පිරිසක් සහ ත්‍රිවිධ හමුදාව සමඟ සිවිල් ආරක්ෂක බලකායද යොදවන බවමහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා එහිදීපැවසීය .
මෙවර අවසන්මහ පෙරහැර පැවැත්වෙන දින වකවානු වලදීපල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දීආසියානු කුසලානක්රිකට් තරඟාවලියේ තරඟ කිහිපයක් පැවැත්වෙන බැවින්අති විශාල විදේශිකයන් පිරිසක්ද පෙරහැර නැරඹීමට එක්වීමට නියමිත බැවින්විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්යෙදවීමට සිදු වන බව දජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය .
ඒ සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂක වැඩපිළිවෙළ මේ වන විටක්රියාත්මක වෙමින් තිබෙන බවදඑ් මහතා පැවසීය .
මෙහිදී අදහස් දක්වමින් පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත හේරත් මහතා පවසා සිටියේබොහෝ ජනාධිපතිවරුන් පෙරහැර නැරඹීමට පැමිණ පෙරහැර හමාර වීමට පෙර ආපසු යාමේදී පෙරහැර මැදින් ගමන් කරන බවත් එය සිදු නොකළ යුත්තක් බවත් මීට පෙර ජනාධිපතිවරුන් දෙදෙනකු (මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ) ඒ අයුරින් පෙරහැර මැදින් ගමන් කළ බවද අවධාරණය කළේය .